සෞදි කාන්තාවන්ට එරට හමුදා සේවයට ඇතුළත් වීමට ද සෞදි රජුගේ අවසරය හිමිවී ඇති බව පසුගියදා විදෙස් මාධ්‍ය අනාවරණය කරන කළා.
එම රාජආඥාවට අනුව පසුගිය 28 වෙනි දින සිට සෞදියේ රියාද්, මක්කම, අල් කසීම් සහ මදීනා යන නගරවලදී කාන්තාවන් හමුදා සේවයට බදවා ගැනීම සිදු කිරීමට නියමිත බවත් තම තමන් කැමැති තනතුරු වෙනුවෙන් අයැදුම්පත් නිකුත් කිරීම කළ හැකි බවත් සෞදි රජය එරට කාන්තාවන්ට දැනුම් දී ඇත.
හමුදා සේවයට බඳවා ගැනීමේදී අවුරුදු 25 ත් 35 ත් අතර වයස් සීමාවක් දක්වා තිබෙන අතර එම වයස් අතර කාන්තාවන්ට අයදුම්කළ හැකිවීමත් ඔවුන් උසස් අධ්‍යාපනය ලැබූ සෞදි ජාතිකයින් වීමත් අනිවාර්ය වෙනවා.
එමන්ම ආරම්භක අදියරේදී දොලොස් දෙනකු පමණක් බඳවා ගැනීමට නියමිත අතර ඔවුන් ආරක්ෂක සේවා සඳහා යෙදවෙනු ඇති අතර සටන් බිමට යැවීක් සිදු නොකරන බව යි වාර්තා වන්නේ.
සෞදි අරාබිය තුළ මෑත කාලීන සිදුවෙන නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී තිබෙන අතර මේ සියල්ලල්කම සිදු වන්නේ ඔටුන්න හිමි සෞදි කුමරු මාහොමද් බින් සල්මාන්ගේ උපදෙස් අනුව බවත් පැවසෙනවා.