• Fri. Feb 3rd, 2023

දුප්පත් ප්‍රාථමික විද්‍යාලයකට පිහිට වුන, අපේ කොල්ලෝ, කෙල්ලෝ..! (PHOTO)

BySandun

Mar 24, 2018

මේ අවුරුද්ද පුරාවටම events කලේ SLIIT එකේ අය වෙනුවෙන්. වෙනසකටත් එක්ක එලියේ ඉන්න අපේ උදවු ඕනේ අය වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා හිතුවට, ඒ දේ මේ තරම් හිතට දැනෙන විදියට, ලස්සනට කරන්න පුලුවන් වෙයි කියලා ඇත්තටම හිතුවේ නෑ.

මාතර තල්පාවිල ගැමුණු ප්‍රාථමික විද්‍යාලයේ පුංචි නංගිලා මල්ලිලා වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න ලැබුනේ ඇත්තටම අපෙත් පිනකට වෙන්න ඇති. තෑගි අතට හම්බ වුනාම ඒ මූණු වලට ආපු හිනාව දැක්කාම අපිටත් දැනුනේ වචනෙන් කියන්න බැරි තරම් සතුටක්.

මම හිතුවට වඩා මේ event එකත් පුදුම සාර්ථකයි. ඒත් මේවා කිසිම දෙයක් මම තනියම කලේ නෑ. Samantha Thelijjagoda sir, Mano Weligodapola miss, සශිතා miss ඇතුලු අපේ ආදරණීය staff එකට ගොඩක් පින් අපිට මේ වැඩේ සාර්ථකව කරගන්න උදව් කලාට. ඒ වගේම ඊයේ දවසේ ඔක්කොම රාජකාරි කටයුතු වලින් අයින් වෙලා අපි වෙනුවෙන්, මාතර ආපු, සමන්ත sir, මනෝ miss, ලාල් sir, සශිතා miss, චතුරිනි miss, Chalani Kuruppu miss, Dilini Dissanayake miss, Vipla Amaa miss, චමිල අයියා ඇතුලු හැමෝටම ගොඩක් ස්තුතියි අපිව විශ්වාස කරලා, අපි වෙනුවෙන් ඒ හැම කැපකිරීමක්ම කලාට.

ඒ වගේම එක රුපියලකින් හරි අපේ මේ වැඩේට උදව් කරපු හැමෝටමත් ගොඩාක් පින්.
ඔයාලගේ ඒ හැම උදව්වක්ම ඒ පුංචි අයට වගේම අපිටත් ගොඩාක් වටිනවා!

ඒ වගේම BM එකේ මගේ ආදරණීය නංගිලා මල්ලිලා ටිකටත් ගොඩාක් පින්. කිසිම පැකිලීමක්, අපේ කිසිම බල කිරීමක් නැතුව දවස් ගානක් තිස්සේ බඩු ගෙනල්ලා, ඒවා pack කරලා, ඒවා මාතර අරන් ගිහින් පුංචි අයගේ අතට ඒ දේවල් දෙනකන්ම හැමදේටම ඔයාලා හැමෝගෙන්න ලැබුනේ වචනෙන් කියලා ඉවර කරන්න පුලුවන් support එකක් නෙවෙයි.  ඒ පුංචි අයගේ මූණු වල තිබුන ඒ හිනාව අපි මේ දවස ටික පුරාවට වෙච්ච මහන්සියේ ප්‍රතිඵල.

ඒ වගේම ගිය අවුරුද්දෙ මාර්තු මාසේ ඉදන් මේවෙනකන්ම, එකා වගේ වැඩ කරපු මගේ FBSC පවුල නොවෙන්න,මට මේ දේවල් කිසි දෙයක් මෙච්චර ලස්සනට කරගන්න වෙන්නේ නෑ. උදේ ද් රෑ ද කියලා බැලුවේ නෑ, අව්ව වැස්ස බැලුවේ නෑ හැමදාම වගේ මේ පාරත් සති ගානක ඉදන් මේ වැඩේ උපරිම සාර්ථක කරගන්න මාර කට්ටක් කෑවා. මේ තරම් ලස්සන events ටිකක් මට කරගන්න ලැබුනේ මගේ committee එකේ ඒ තිබ්බ එකමුතුකමයි, support එකයි නිසා!

වෙන කිසිම president කෙනෙක්ට මේ වගේ පට්ට committee එකක් නම් ලැබෙන එකක් නෑ.
ඒ වගේම සෙනෙහසේ පියවර වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දැක්වූ ශ්‍රී ලංකා රක්ෂණ සංථාවත් ගොඩාක් ගෞරවයෙන් මතක් කරනවා.

මේක BM එකේ event එකක් වුනාට, පහුගිය දවස් වල මේ වෙනුවෙන් IT එකේ අපේ සහෝදරයොත් ගොඩක් මහන්සි වුනා. එයාලටත් ගොඩාක් පින්. ඒ වගේම කියන්න ඕනේ ඊයෙ දවසෙ මේ වැඩසටහනට, සම්බන්ධ වෙන්න මාතර ආපු BM එකේ වගේම IT එකෙත් හැමෝටම ගොඩාක් ස්තුතියි, ඒ වගේම ගොඩාක් පින්.

මට faculty president කෙනෙක් විදියට ඇත්තටම ගොඩාක් ආඩම්බරයි මේ අවුරුද්ද පුරාවට මෙච්චර ලස්සන events ට්කක් කරගන්න පුලුවන් වුනාට, ඒත් ඊට වඩා සතුටුයි, අන්තිම event එක මේ තරම් ලස්සන, පුංචි අය වෙනුවෙන් කරපු දෙයක් වුන එක ගැන.
මට අන්තිමට කියන්න තියෙන්නෙ, සෙනෙහසේ පියවර තියන්න වචනයකින් හරි උදව් කරපු ඔයාලා හැමෝටම ගොඩක් පින්!

The Faculty of Business Students’ Community 2017/18 of SLIIT, has successfully completed the “Step of Love” Community Service Project as their final event, on 19th of March 2018. They provided the much needed school items to the students, staff & parents of Thalpawila Gemunu Primary School Matara.

The donations included exercise books and all other stationary items requested by the school for the 53 students that are currently studying, shoes and school bags for all students, 62 dry ration packs for students and staff, sports items requested by the school, general items requested by class teachers & English unit, 6 fans for the school, library cupboard and book racks, a water tank for the school etc.

We are happy to inform that this is the first ever community service project conducted by the Faculty of Business Students’ Community in the faculty history by having Sri Lanka Insurance Corporation as the platinum sponsor of the event. The media sponsorship for the event was offered from Rupavahini, ITN, Derana TV, Hiru TV & Swarnavahini.

The staff and students of the SLIIT Faculty of Business participated in this worthy cause and the event ended up as a huge success with the immense support of everyone.

Attached herewith are some photos taken in the event!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *