• Fri. Feb 3rd, 2023

යූඇන්පීයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරියක් වූ පාසල් සිසුවිය “චන්දිප‍්‍රභා”

මෙවර පළාත් පාලන අපේක්ෂකයන් පත්කිරීමේදී නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාව සඳහා ලැයිස්තුගත මන්ත‍්‍රීවරියක ලෙස කටයුතු කිරීමටට පාසල් සිසුවියකට අවස්ථාවක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂය විසින් තිරණයක් ගෙන ඇත.

ඒ ඇය වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ඇති නිසා බවත් කියයි.

ඇය නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි ප‍්‍රභා තෙන්නකෝන් මෙනෙවියයි. මේ වන විට දහඅට වන වියේ පසුවන ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබයි.

නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාවට නව සභිකයින් තෝරා ගැනීමට පසුගිය දා පැවැති මැතිවරණයේ දි තෙන්නකෝන් මෙනෙවිය කුඩාවැව කොට්ඪාසයට තරග කළ නමුත් ඇයට සිය ජයග‍්‍රහණය කීරීමට නොහැකි විය.එහෙත් ඇය විසින් ලබා ගෙන තිබූ ඡන්ද ප‍්‍රතිශතය මත ඇය ලැයිස්තුවෙන් තෝරා ගත් මන්තීවරියක ලෙස පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කිරීම නිසා ඇයට මන්ත‍්‍රි ධුරයක් හිමි වී ඇත. එම මැතිවරණයේදී ඇය තම කුළුදුල් ඡන්දය ප‍්‍රකාශ කිරීමද විශේෂ වේ.

සිය මන්ත‍්‍රි පත්වීම සමිබන්ධයෙන් විස්තර විමසු අවස්ථාවේ දී ඇය මෙසේ කීවාය.

“කුඩාවැව එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාලිත තේන්නකෝන් මහතා හා මාරාවිල බාලිකා මහ විදුහලේ ගුරුවරියක සේ කටයුතු කරණ නීලමිබිකා තෙන්නකෝන් මහත්මිය මගේ දෙමාපියන්. තාත්තාගේ දේශපාලන කටයුතු අනුව මමත් දේශපාලනය කරනවා. මගේ දේශපාලන කටයුතු පාසලේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධාවක් කරගන්නේ නැහැ. මගේ අරමුණ මා උපන් දේශයට සේවයක් කරන්නයි. මැතිවරණ සමයේදී ජනතාව මුණ ගැසුණ අවස්ථාවේ දි ගමේ ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න හඳුනා ගත්තා.දැන් පක්ෂය මාව මන්ත‍්‍රිවරියක සේ පත් කර ඇති නිසා මගේ අරමුණ, අර මම හඳුනා ගත් ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දීමට පියවර ගැනීමයි.”

ඔගස්ටින් ප‍්‍රනාන්දු – හලාවත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *