• Thu. Feb 2nd, 2023

ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක‍ බලවතාගේ ගිනියම් වූ අනියම් පෙම..! (photo)

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කාලයෙන් කාලයට විවිධ පුවත් මවනා චරිතයකි. පසුගිය දිනවල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනියම් පෙමක් හෙළිවු අතර ඇය ඇමෙරිකානු නිල් චිත්‍රපට නිළියක් විය. මේ අතර ඇමරිකානු ප්ලෙබෝයි නිරූපිකාවක්‌ වන කැරත් මැක්‌ඩොගල් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදි හෙළිකර කරුණක් කතාබහට ලක්ව තිබෙනවා.

එහිදි ඇය පවසා තිබුනේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් සමඟ මාස දහයක කාලයක්‌ පුරා ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවයි. මුලින්ම ඔහු සමඟ ලිංගිකව එක්‌වූ දිනයේ ට්‍රම්ප් තමන්ට මුදල් දීමට උත්සාහ කළ බවත් තමා එවැනි කාන්තාවක නොවන බව තමන් ට්‍රම්ප්ට පැවැසූ බවත් ඇය හෙළි කළාය.

මෙහිදි කැරත් මැක්‌ඩොගල් පවසා සිටියේ තමන් ට්‍රම්ප්ගේ වැඩිමහල් දියණිය මෙන් සුන්දර බව ඇමෙරිකානු ජනාධිපතිවරයා නිතරම පැවැසූ බවයි. සෑම මසකම අඩුම තරමින් පස්‌වතාවක්‌වත් ට්‍රම්ප් හා තමන් හමුවූ බවත්, ඇතැම් මාසවල ඊට වඩා වැඩි අවස්‌ථාවන් ගණනක්‌ හමුවූ බවත් ඇය සඳහන් කළාය.

ට්‍රම්ප් ඔහුගේ බිරිඳ හැර ආශ්‍රය කළේ තමන් පමණක්‌ බව එකල සිතා සිටියත් ට්‍රම්ප් කාන්තාවන් ගණනාවක්‌ සමඟ සබඳතා පැවැත්වූ බව මේ වනවිට හෙළිවී ඇතැයි ඇය මෙහිදි කියා සිටියා.

කැරත් මැක්‌ඩොගල්ගේ මෙම ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනා අතර මේ පිළිබදව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුනිවත රකිද්දි ධවල මන්දිරය ඇයගේ මෙය ප්‍රතික්‍ෂේප කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *