• Fri. Feb 3rd, 2023

“පුංචි ඡන්දයට බැංකු ගිණුමෙන් ලක්ෂ 4800ක් අරන්” – කැළෑ පාලු ඇමතිට මෙච්චර ධනස්කන්දයක් කොහෙන්ද ?

BySandun

Mar 25, 2018

මැතිවරණ සදහා මෙරට දේශපාලන පක්ෂ අතිශය විශාල මුදලක් වැය කිරීම සෑම මැතිවරණයක් ආසන්නයේම දැක ගත හැකි සුලභ දසුනක්. මෙම මුදල් සදහා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමටද ඇතැම් විට දේශපාලන පක්ෂ මැලි වෙනවා.

මේ අතර පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයට අතිවිශාල ධනස්කන්දයක් වියදම් කළ දේශපාලකයෙක් පිළිබද අපට වාර්තා වෙනවා.

ඒ..අපේ රටේ කොන්දක් නැති ප්‍රධාන දේශපාලුවන්ට පින්සිද්ධ වෙන්න විල්පත්තුවම කපා එළි කරන මුස්ලිම් දේශපාලන කැබිනට් ඇමතිවරයෙක් ගැනයි මේ..

පසුගිය පළාත් පාලන මැතිවරණයට මෙම දේශපාලකයා,සිය පෞද්ගලික බැංකු ගිණුමෙන් ලබා ගෙන තිබෙන මුදල රුපියල් මිලියන 480ක්, දේශපාලනය ජිවීකාව කර ගත් මෙම දේශපාලකයාගේ බැංකු ගිණුමේ එතරම් විශාල මුදලක් මුදලක් තිබුනෙ කෙලෙසකදැයි සොයා බැලිය යුතුම කරුණක්.

කෝටී 48ක මුදලක් යනු මෙරට සිංහල , දෙමල , මුස්ලිම් , බර්ගර්  මහජනතාවගෙන් අති බහුතරයකට මුලු ජිවීත කාලය තුලදීම කොපමණ වෙහෙස වුවද උපයා  ගත නොහැකි තරමේ විශාල මුදලක්. එවැනි මුදලක් මෙම දේශපාලකයාට පුංචි ඡන්දයකට වැය කිරීමට තරම් සුලු මුදලක් නම්, මෙම මුදල් මෙම දේශපාලකයන් උපයා ගත් ආකාරය රටේ සියලූම ජනතාව දැන ගත යුතු බව අපගේ හැඟීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *