• Fri. Jan 27th, 2023

අකුණු ඇතිවීම වැඩියි, ප්‍රවේශම් වන්න – කාලගුණෙන් අනතුරු ඇඟවීමක්..!

BySandun

Mar 28, 2018

දැනට පවතින අධික වර්ෂා තත්වය කොළඹ සිට රට මධ්‍යට ගමන් ගන්නා බව කාලගුණය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

රාත්‍රීය වන විට සබරගමුව ආදි ප්‍රදේශවලට ගමන් ගන්නා මෙය රට අභ්‍යන්තරයට බලපෑම් ඇති කල හැකි අධික වර්ශාවක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

බස්නාහිර හා නිරිතදිග කලාපයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් අකුණු ඇතිවීමට හැකියාවක් පවතින අතර බේරුවල සිට කොළඹ හරහා මිගමුව දක්වා වන මුහුදු කළාපය රළු වන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 70-80 ක් අතර වේගයක් ගනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

යම් විටෙක මි.මි.75 වැනි තද වැස්සක්ද ඇති විය හැක.තාවකාලික තද සුළං තත්වයක්ද ඇත විය හැකි බැවින් සුපරික්ෂාකාරී වන ලෙස ඉල්ලා සිටින අතර අකුණු මගින් ඇති වන කරදර වලින් හැකි තරම් ආරක්ෂා වන ලෙසද කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මුහුදු අසබඩ ජීවත් වන අය සුළං වලින් සිදුවන කරදර වලින් හැකි තරම් ආරක්ෂා වන ලෙස දන්වනවා.

දැනට කොළඹ හා අවට ඇති මෙම සංසිද්ධිය රාත්‍රී කාලයෙ හා හෙට උදෑසන වන විට රට පුරා ඇති විය හැකි බැවින් සියලු කරදර වලින් ආරක්ෂා වීමට හා දැනුවත් වීමට මෙය හැකි තාක් share කරන්න



 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *