මුලතිව් මුහුදට සමාන්තරව (24) වැනිදා සවස යෝධ පක්ෂියකු පියාසර කොට තිබෙන බව වාර්තාවනවා.
මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් ඒ මේ අත පියාඹන මෙම යෝධ පක්ෂියා ධීවරයන් දැක තිබේ.
මේ පක්ෂියා මීට පෙර මුලතිව් පළාතේ කිසිදු ධීවරයකු විසින් දැක නොමැති පක්ෂියකු නිසා එම පක්ෂියා පිළිබඳව විවිධ මත හා එම පක්ෂියාගේ නම සම්බන්ධයෙන් විවිධ නම් පවසා තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මුලතිව් මුහුද ආශ්රිතව බොහෝ වෙනස්කම් සිදුවන බව මුලතිව් ධීවරයෝ කියා සිටිති.