• Tue. Feb 7th, 2023

කොටි 106කට විද්ද මිග් ගනුදෙනුවේ බ්‍රෝකර් සමාගමත් අලි බොරුවක්..!

BySandun

Mar 28, 2018

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට “මිග්” ප්‍රහාරක යානා හතරක් මිලදි ගැනීමේදී වංචා කර තිබෙන මුදල රුපියල් කෝටි 106ට ආසන්න බව වාර්තාවේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගියදා අධිකරණය හමුවේ සිදු කළ අනාවරණය අනුව මේ බව වාර්තා වන අතර එහිදී එම නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ එම මුදල රුපියල් එකසිය පන් කෝටි අසූ අටලක්ෂ පනස් අටදහස් තුන්සිය විස්සක් (රු. 1,058,858,320) බවයි.

මෙම මිග් යානා මිලදී ගෙන ඇත්තේ 2006 ජූලි 26 වැනි දින ජාත්‍යන්තර සමාගමක් සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුවය.

මෙම මූල්‍ය කොල්ලය සඳහා මූලික වූ බවට අධිකරණය ඉදිරියේ චූදිතයෙකු වී සිටින්නේ රුසියාවේ හිටපු තානාපත්වරයෙකු වූ උදයංග වීරතුංග මහතාය.

මේ දක්වා කරන ලද පරීක්ෂණ පිළිබඳ විස්තරයක් විමර්ශකයන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එම යානා මිලදී ගැනීමේ අතරමැදියන් ලෙස කටයුතු කළ බව කියන සමාගමක් මහා බ්‍රිතාන්‍යයේ ලණ්ඩන් නුවර තිබී නැති බවද පරීක්ෂයන් විසින් සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් මිග් ප්‍රහාරක යානා 04 මිලදි ගැනීම සඳහා ඩොලර් එක්කෝටි පනස් ලක්ෂ හැටපන්දහස් හාරසිය තිස්හතක් (ඩොලර් 15,565,437) හෙවත් රුපියල් කෝටි 240ක පමණ මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ‘බෙලිමිසා හෝල්ඩිංස්’ නම් සමාගමට ගෙවා ඇත.

එම රුපියල් කෝටි 240ක් වන මුදලින් රුපියල් කෝටි 106ක් (ඩොලර් හැටඅට ලක්ෂ තිස්එක් දහස් තුන්සිය හතළිස්හතරක්) කොල්ලකා ඇති බවද සනාථ වී තිබේ.

මූලාශ්‍ර ලංකා ඉරිදා සංග්‍රහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *