• Thu. Feb 2nd, 2023

බෞද්ධාගමික වෙසක් සතියට මුල් තැන – මැයි දිනය කල් දමයි..! (VIDEO)

BySandun

Mar 28, 2018

මෙවර ලෝක කම්කරු දිනය සමග යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදා පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැස්වීම් මැයි 07 වනදා තෙක් කල් දැමීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර සිටිනවා.

ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (27) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මැයි 07 වනදා රජයේ නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශයට පත්කරන අතර, එදිනට ලෝක කම්කරු දින වැඩසටහන් සඳහා එක්වන ලෙස තමා සියලූ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වෙත ආරාධනා කරන බවයි.

අප්‍රේල් මස 27 වෙනිදායින් ආරමිභ වන වෙසක් සතිය නිමිත්තෙන් මැයි දින සැමරුම් වෙනත් දිනයක පවත්වන්න කටයුතු කරන්නැයි ඉල්ලා මහානාහිමිවරුන් ජනපතිවරයාගෙන් ඉකුත් සතියේ කළ ඉල්ලීමක් අනුවයි අද (27) මෙම කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *