වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අසාර්ථ වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් ඇතැම් අය මහින්ද පාලනයක් නැවත ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඔවුන් පසුගිය වසර 3 පුරාම එය ඉටු කළ බවත් සඳහන් කළ ඇමතිවරයා නායකයන් ඒවා සම්බන්ධයෙන් තීරණ නොගන්නා බවත් පැවසීය.