• Sat. Jan 28th, 2023

ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් එකට එකතුකරමින් ගෙනා පෙට් ස්කෑනරය මෙන්න..! (Photo)

BySandun

Mar 28, 2018

දිනය : 2018 අප්‍රියල් 01 (ඉරිදා)
වේලාව : 07:30
ස්ථානය : වැල්ලවත්ත ROXY සිනමා හල ඉදිරිපිට

ශ්‍රීලංකා වාසී සහ ලෝක වාසී ශ්‍රීලාoකීකයින් ගේ හදවත් එකට එක පෙළට රග දෙන දවස අප්‍රියල් 01 වනදා බව ඔබ දන්නවාද?

ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත වියයුතු බවත් ඒ විශ්ව කර්මය සිදුකළ දකුණු ආසියාවේ පළමු රට සහ පළමු ජාතිය ලෙස ශ්‍රීලාoකීකයින් වන අප ඉතිහාස ගත වන බව ඔබ දන්නවාද..?

ඔව්….. මිලියන 250 මුදලක් දින 90 තුළ රත්තරං හදවත් වලින් හෙඹි ශ්‍රීලාoකීකයින් විසින් පරිත්‍යාග කළ රුපියල් සත වලට , ඒ මහා යහපත් අරමුණ වෙනුවෙන් පෙරමුණ ගත් මිනිසා දෙස මිනිස්කම ආදරය ගෞරවය සහ අනිකාගේ ප්‍රශ්ණය මගේත් ඔබේත් ප්‍රශ්ණයක් යැයි අපට තේරුම් කර දුන් මොහොමඩ් මහතා ප්‍රමුඛ FIGHT CANCER කණ්ඩායම පිළිකා රෝගීන් සදහාම පමණක් වෙන්වුනු PET ස්කෑනර් යන්ත්‍රය මහරගම “අපේක්ෂා” රෝහලට නිල වශයෙන් භාරකරන දවස අප්‍රියල් 01 වන දා බව ඉමහත් අභිමානයෙන් මෙසේ ප්‍රකාශ කරන්නෙමි.

එන්න අප සමග ඔබත් එක් වන්න … ඒ අභිමානවත් මොහොත සජීවීව විදගන්න අප්‍රියල් මස 01 වන දා උදෑසන 7:30 ට වැල්ලවත්ත ROXY සිනමා හල ඉදිරිපිට සිට මහරගම “අපේක්ෂා” රෝහල වෙත ගමන් කරන රටට යුතුකම ඉටුකරන දැවැන්ත පා ගමනට ඔබත් එක්වන්න….

එමෙන්ම උදෑසන 10:00 ට PET ස්කෑනර් යන්ත්‍රය රෝගීන් සතු කිරීමේ ඒ ඓතිහාසික මොහොත සදහා මහරගම “අපේක්ෂා” රෝහල් භූමියට පැමිණෙන මෙන් ඔබට දැඩි සහෝදරත්වයෙන් යුතුව අප FCT කණ්ඩායම වෙනුවෙන් එහි නායක මොහොමඩ් මහතා මෙසේ ආරාධනා කර සිටිනෙමු.

සංවිධායක කමිටුව .
ෆයිට් කැන්සර් ටීම් ,
ශ්‍රීලoකාව.

“මේ ව්‍යාපෘතිය අපේ දෙස් විදෙස් ශ්‍රීලාoකීකයින් නොවෙන්නට තවමත් මටත් මගේ ෆයිට් කැන්සර් කණ්ඩායමට (FCT) සහ කදීජා පදනමටත් හීනයක් විතරයි. මට මතකයි මාධ්‍ය සහෝදරවරුන් , සංක්‍යාතමය වශයෙන් කිව්වොත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන 27 මාත් එක්ක හිටිය.. ඒ වගේම මාධ්‍ය සහෘදයින් 100 විතර මගේ වටේ හිටපු එක මට ලොකු ශක්තියක් වුණා..ස්තූතියි මේ කරපු මාධ්‍ය මෙහෙවරට….

මෙගේ ජීවිතේ හීන අතරින් මේක තමයි මට තිබුන අභියෝගාත්මක හීනය කිව්වොත් වඩාත් නිවැරදීයි… ඒක මෙගේ සහ රටේ මිනිසුන් ගේ ජීවිත සමග බැදිච්ච හීනයක් , මගේ පුතා හුමයිඩ් ගේ ඉල්ලීමක් ඔස්සේ මම ඒ හීනය සැබෑ කර ගන්න ගොඩක් වෙහෙසුනා.. මගේ රටේ මනුෂ්‍යත්වය ඒ හීනයට මාස 3ක් යනකොට මම වගේම ඒ හීනයට ආදරය කළා…

මේ PET ස්කෑනර් යන්ත්‍රය ලංකාවට ගොඩ බාපු දවසේ සිට මේ මොහොත වන තෙක් ඒ වෙනුවෙන් මමත් මගේ FCT කණ්ඩායමේ විශාල පිරිසක් ගොඩක් කැපවීමෙන් වැඩ කරා.. මට විශේෂයෙන්ම ආපු අභියෝග එමටයි. සමහර මාධ්‍ය කණ්ඩායම් බොරදියේ මාළු බාන්න හදන උත්සාහය දැක මට ලොකු කළ කිරීමක් ඇති වුණා.. බුදු හාමුදුරුට ගල් පෙරළලා ආනන්ථරය පාප කර්මයක් කරගත්තු දෙව්දත්ත ලා වෙගේ අය තවමත් අපේ සමාජයේ ඉන්නවා කියලා මට ලොකු කළකිරීමක් ආවා.හැබැයි මම සැළුනේ නැහැ.. මම කල්පනා කරා මේ අපේක්ෂා රෝහල මගෙන් කරපු ඉල්ලීමට මම සාධාරණයක් කරන්න ඕන කියලා.. අද ඒ හීනය සැබෑ වෙලා තියෙනවා…

MSH මොහොමඩ්





Leave a Reply

Your email address will not be published. Required fields are marked *