බොරැල්ල කනත්ත භූමියේ අබිරහස් ලෙස නැති කර තිබූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සිදුවීමපිළිබඳව ඔහුගේ සහෝදරයන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ.
ඊයේ පස්වරුවේ පැය කිහිපයක් තිස්සේ මෙම ප්‍රශ්න කිරීම සිදු ව ඇත. ෂාෆ්ටර් මහතාගේ බිරියගෙන් ප්‍රකාශ ලබාගෙන ඉන් පසු මෙම සොහොයුරන් දෙදෙනා කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇති අතර බිරිදගේ ප්‍රකාශ සහ මෙම ප්‍රකාශයන් සංසන්දනය කිරීමට නියමිතය.
සාෆ්ටර් මහතාට තිබූ ව්‍යාපාරික තර්ජන, ගැටලු සහ ඔහු සමග අමනාපව සිටි පුද්ගලයන් ගැන මෙහිදී ප්‍රශ්න කර තිබේ.
විමර්ශන නිලධාරීන් කියා සිටියේ මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පවතින නමුත් විමර්ශනවලට බාධාවක් නිසා මාධ්‍යයට දැනට හෙළි කළ නොහැකි බවයි.