තම වෘත්තිය ගැන කලකිරී කොළඹ අතහැර වනගත ගමකට යන වෛද්‍යවරයෙකු සහ ගැම්යන් විසින් මූසල අවාසනාවන්තියන් ලෙස සලකා බැහැර කෙරෙන ස්ත්‍රී කණ්ඩායමක් සහ ආරණ්‍යගතව වෙසෙන භික්ෂූන් වහන්සේ පිරිසක් අතර “චන්දෝලි” කතාව ගොඩනැගෙයි.
අනුන්ගේ වරදට ගොදුරු වී වරදෙහි බැඳුණු පවට ගැමියන් විසින් ප්‍රතික්ෂේප කොට පිටමං කරන ලද මෙකී ස්ත්රීහූ මෙම ගමෙහි ඇති ‘නාරි මඩම’ නම් ගැම්යන් විසින් හඳුන්වන නිවසක වෙසෙති. මෙම ස්ත්‍රීන් මෙම ආශ්‍රමයෙහි ජීවත්වෙන්නේ අසල ගම්මාන වලට පැන කොල්ලකමින් වුවත් ඔවුහු අයුක්තියට එරෙහිව නැගී සිටින අභීත පිරිසකි.
කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මිස්සක ලොකුබණ්ඩාර නමැති වෛද්‍යවරයා මෙම කැලෑබද
ගමට එන්නේ ආරණ්‍යවාසීව පැවිදි දිවියක් ගෙවන තම අතීත මිතුරා සොයාගෙනය. තම වෘත්තිය තුළ වූ
අසාධාරණකම් වලින් කලකිරෙන මෙම වෛද්‍යවරයා සිය මිතුරා මෙන් සියළු දේ අතහැර වනගත වන්නට
සිතයි. වෛද්‍යවරයා ගමට පැමිණෙන විට සිය අත ීත මිතුරා වූ ලොකු හාමුදුරුවන් අපවත් වී ඇති බව
දැනගැනීමෙන් ඔහු මහත් සේ කම්පා වෙය ි. මෙම වෛද්‍යවරයා සමග ප්‍රේමයෙන් බැඳී ගැබිණියක බවට පත්වූ
වෛද්‍ය සිසුවියකද මෙම පවුකාරියන්ගේ ආශ්‍රමයෙහි වාසය කරයි. විවාහකයෙකු වූ මහාචාර්යවරයා ට දාව
මෙලොවට බිහි කළ දරුවා “සදෙව්නාද” නමින් පැවිදිව මෙම වනගත ආරණ්‍යයෙහි වාසය කරයි.
රෝගයක් සම්බන්ධ රහස් බෙහෙත් වට්ටෝරු රැසක් සහ නිධානයක් මේ වනගත ආරණ්‍යයේ
හුදකලා වන වෛද්‍යවරයාත් ආරණ්‍යවාසී භික්ෂූන් පිරිසත් ආශ්රමවාසී කාන්තාවනුත් අතර පවතින බව
හැඟෙයි. එම රහස් අරභයා එකිනෙකා අතර බැඳීම් සහ ගැටුම් හටගනී.
එම ගුප්ත රහස් සමග එකිනෙකා අතර සංවේදී මානුෂීය සම්බන්ධතා සමග මෙහි කතාව ගොඩනැගෙයි.
ගොදුරක් වෙමින් නොවෙමින් ඊට එරෙහිව දඩයක්කාරයින් ලෙස ජීවිතය සමග ගැටෙමින් ජීවිතය සහ
සොබාදහම වටහාගන්නා මිනිසුන් පිරිසක් මෙහ ි පිළිබිඹු වෙයි.
දමිතා අබේරත ්න, බුද්ධික ජයරත්න, මාධවී ඇන්තනි, හිමාලි සිරිවර්ධන, නිල්මිණ ී කො ්ට්ෆ්ටිටේගොඩ, නිරෝෂා
තලගල, සුදත් ඇන්තනී, රංගි රාජපක්ෂ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් මෙම ටෙලි සිත්තම සඳහා දායක වේ.
මෙම ටෙලි සිත්තමේ තිර රචනය සහ අධ්‍යක්ෂණය තුෂාරි අබේසේකර වන අතර නිෂ්පාදනය ක්‍රිෂාන්ති
මඩුගල්ලගේය. කවදත් නැවුම් අත ්දැකීම් ලබාදෙන සිරස TV නාලිකාවේ නවතම ටෙලි සිත ්තම “චන්දෝලි”
සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට විකාශය වේ.