• Sat. Jan 28th, 2023

ක්‍රීඩා ඇමති හා ගෝලබාලයින් කුමන්ත්‍රණය කලාට අපි සැලෙන්නෙ නෑ.හෙට නිලවරණයට ඉදිරිපත් වෙනවා වගේම ජයග්‍රහණයත් කරනවා.-ජස්වර් උමාර් හිටපු පාපන්දු සම්මේලනයේ සභාපති

Byඅපේ රට

Jan 15, 2023

ක්‍රීඩා ඇමති හා ගෝලබාලයින් කුමන්ත්‍රණය කලාට අපි සැලෙන්නෙ නෑ.හෙට නිලවරණයට ඉදිරිපත් වෙනවා වගේම ජයග්‍රහණයත් කරනවා -ජස්වර් උමාර් හිටපු පාපන්දු සම්මේලනයේ සභාපති

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් එහි සභාපති ධුරයට තරග වදින තමාට එරෙහිව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පත්කල අභියාචනා කමිටුව ලබා දී ඇතැයි කියන නිර්දේශ සම්බන්ධව තමා කිසිත් නොදන්නා බවත් එහි කිසිදු පිටපතක්වත් තමාට ලැබී නැති බවත් අනිවාර්‍යෙන් නිලවරණයට ඉදිරිපත් වීමට තමා කටයුතු කරන බවත් ජස්වර් උමාර් පවසයි.

මෙම අභියාචනා සම්බන්ධයෙන් තමාව කැදවා හෝ කරුණු විමසා නැති බවත් ජස්වර් උමාර් පවසයි.සමාන්‍යයෙන් ස්වාභාවික යුක්තියේ මූලධර්ම යටතේ පුද්ගලයකුට කරුණු ඉදිරිපත් කිටරීමටත,තමා නිවැරැදි බව ඔප්පු කිරීමටත් අවස්ථාවක් ලබාදිය යුතුය.මෙවැනි කිසිදු අවස්ථාවක් තමන්ට ලබානොදීමෙන් තමාගේ මුලික අයිතිවාසිකම්ද කඩවී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

මෙයට හේතුවී තිබෙන්නේ තමා පාපන්දු සම්මේලනයේ ලේකම්වරයාව සිටියදී 2018 වසරේදී මනිලාල් ප්‍රනාන්දු මහතාගේ දූෂණ සම්බන්ධව විගණකාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද වාර්තාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව විසින් අනුමත කරන ලද්දක්ද නැද්ද යන්න පිලිබදව වූ කාරණාවක් සම්බන්ධවයි. මා කිසිදු විටක කෝප් කමිටුව හෝ වෙනත් කිසිදු කමිටුවක් මගින් වරදකරුවකු කර නොමැතිබව අවධාරණය කරන බවද ජස්වර් උමාර් පවසයි.

මෙම සිදුවීම් සියල්ල සලකා බැලීමේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ චේතනාව තමන්ට අවශ්‍ය හෙංචයියන් මෙම තනතුරට පත් කිරීම සදහා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර තිබේ යැයි සැකයක් මතුවී ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැදවීමෙන් පසු ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීම,එම නව සංශෝධනය තුල පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ඔවුන් නිලවරණ තුලින් ඉවත් කිරීමට තැත් කිරීම, මෙම ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය අධිකරණ නිවාඩු කාලයේදී නිකුත් කිරීම,අභියාචනා මණ්ඩලයට කරුණු දැක්වීමට අවස්ථාව ලබා නොදීම ,නිලවරණය පැවැත්වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී අපේක්ෂකයෙක් ඉවත් කිරීමට තැත් කිරීම, ඔවුන්ට අභියාචනා කිරීමට හෝ අධිකරණයේ පිහිට පැතීමට තරම් කාලයක්වත් ලබා නොදීම මගින් මෙහි පැහැදිලි කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව පෙනී යයි.

තමා හෙට අනිවාර්‍යෙන්ම නිලවරණයට ඉදිරිපත්වන බවත් එයින් ජයග්‍රහණය කරන බවත් ජස්වර් උමාර් පැවසීය.අද දින මාධ්‍ය හමුවක් පවත්වා තමාට නිලවරණයට ඉදිපත්වීමට නොහැකියැයි කීම අමූලික බොරු බවත් පැවසීය.ඔවුන් අභියාචන කමිටුව විසින් ඇමතිවරයාට එවූ ලිපියක් පෙන්වමින් මෙම බොරුව සමාජගත කිරීමට ගත් උත්සාහය ඉතාමත් කැත පහත් හා නින්දිත බව ජස්වර් උමාර් පැවසීය.ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ කරගැනීමෙන් හානිවන්නේ ක්‍රීඩාවට බවත් ඇමතිවරයාගේ නමටද විශාල කැලලක් ඇතිවන බවත් ජස්වර් උමාර් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *