පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මහතා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්හ.මීට අමතරව පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ශයේ හා ශ්‍රීලංකා නිදහස් පක්ශ මන්ත්‍රීවරු ඉදිරි දින කිහිපය ඇතුළතදී කඩින්කඩ දිව්රුම් දීමට එකඟතාවක් ඇතිව ඇති බවද වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයෙන් වජිර අබේවර්ධන ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් දුමින්ද දිසානායක ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු දිවුරුම් දීමට නියමිතය.
වරාය,මහාමාර්ග,ක්‍රීඩා, ප්‍රවාහන, කර්මාන්ත,විදුලිබල, ජනමාධ්‍ය ,ආයෝජන ප්‍රවර්ධන හා ස්වදේශ කටයුතු යන අමාත්‍යාංශ වෙනස්වීමට නියමිතය.දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටශ නියමිතය.පසුගිය ආණ්ඩු සමයේ තමාට හිමි අමාත්‍යාංශවල වැඩ කල අමාත්‍යවරුන් නව කැබිනට මණ්ඩලයට එක්කිරීමට නියමිතය.
ඉදිරි දින කිහිපයේදී මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිතය.
පසුගිය කාලයපුරාම කැබිනට් මාරුව සිදුකරන බව දැනුම් දුන්නද එය සිදු කෙරුණේ නැත.විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ලැබුණු වාර්තාවක බොහෝ අමාත්‍යාංශ හා අමාත්‍යවරුන් කාර්යසාධනය අතින් පහල මට්ටමක සිටින බවට දැනුවත් කර ඇත.
ක්‍රීඩා,මහාමාර්ග,විදුලිබල,සෞඛ්‍ය ,වරාය,කර්මාන්ත, ප්‍රවාහන ඇතුළු අමාත්‍යාංශ වෙනස්වීමට නියමිත අතර දැනට කැබිනට්ටුවේ සිටින අමාත්යවරරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටද අවධානය යොමු කර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයාට අමාත්‍යාංශ පිලිබදව ලැබුණු වාර්තාවේ කාර්යෂමව වැඩ කරන අමාත්‍යාංශ අතරට පොලිස් අමාත්‍යාංශය ,වෙලෙද අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශ නම්කර ඇත.