Thu. Feb 13th, 2025

මහින්ද කොළඹ නිල නිවස රජයට බාර දී එලියට බහී – මැදමුලනට යන්න බඩු අදින්න සූදානම්..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම් දීමත් සමඟයි.

ඒ අනුව බොහෝ දුරට ඒ මහතා මැදමුලන තංගල්ල කාල්ටන් නිවසේ පදිංචියට යනු ඇතැයි සමීප ආරංචි මාර්ග කියයි.

ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ මෙම නිවස තම පවුලට හෝ තම පියාට අයත් නිවසක් නොව රජයට අයත් නිවසක් බැවින් බවත් එය රජය විසින් හිටපු ජනාධිපතිවරයකුට ආරක්‍ෂාව සලකා ලබා දෙන ලබාදෙන නිවසක් බවත්ය.

නමුත් රජය විසින් දැනුම් දෙන ඕනෑම මොහොතක තම පියා ඉන් ඉවත්වීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියේය.

Carlton House – Tangalle

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *