Wed. Jan 15th, 2025

විකුණන්න ගිය මිල්කෝ සමාගම ඉන්දීය අමූල් සමාගමට දෙන්නෑ – අපි දියුණු කරනවා

රජයට අයත් මිල්කෝ ආයතනය සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවේ දී ඊයේ (18 වැනිදා) පැවැසීය.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි හේෂා විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“එන්.එල්.ඩී.බී. ගොවිපොළවල්, මිල්කෝ ආයතනය අමුල් සමාගමත්, ලංකාවේ තවත් සමාගමකුත් පදනම් කරගෙන ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ගියා. ඊට එරෙහිව ගොවිජන සම්මේලනය විදියටත් විරෝධය පළ කරමින් ලොකු සටනක් අරගෙන ගියා. ඒවාට ඍජුව මැදිහත්වූ අයෙක් ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා. මේක අඩු ලංසුවකට දෙන්න තීරණය කරලා තිබුණේ. මේක ව්‍යර්ථ කරලා තියෙන්නේ. ඒවා කිසිවක් අදාළ ආයතනවලට දෙන්නේ නෑ. මේවා සංවර්ධනය කරන්න ඕනෑ. ඒකට අදාළව දේශීය ආයෝජකයන් හා ව්‍යවසායකයන් සම්බන්ධ කරගැනීම පිළිබඳ සාකච්ඡා කරලා කටයුතු කරනවා. කොහොමත් මේවා විදේශීය සමාගම්වලට දෙන්න කිසිදු තීන්දුවක් අරගෙන නැහැ.”

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *