Wed. Dec 4th, 2024

රනිල්ගෙන් CIDය ප‍්‍රශ්ණ කරයි – මැති, ඇමතීන් වැලක් පෝලිමේ..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දහ අට දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අධිකරණයට නීතිපතිවරයා විසින් දැනුම දී තිබේ.

ඒ එම කැබිනට් මණ්ඩලය විසින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වල මහතා ඉදිරිපත් කරන ලද ඖෂධ ආනයනය කිරීමේ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දීමට අදාළවයි.

ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීමට අදාළව සිදුකරමින් සිටින පරීක්ෂණවලට අදාළව මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුකරයි.

එවකට සෞඛ්‍ය ඇමති කෙහිලිය රඹුක්කල් විසින් කැබිනට් මණ්ඩලය වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවද නීතිපතිවරයා අධිකරණයේදී තවදුරටත් සඳහන් කර ඇත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *