Wed. Dec 4th, 2024

ගංවතුරට කොටු වෙලා පැය 14ක් කුඹුරේ පැලක වහලෙ උඩ හිටියා – ‘බිහිසුණු අත්දැකීමකින්’ පසු දිවිගලවා ගත් සෝමසුන්දරම්

“එක පාරට ආව වතුර පාරත් එක්ක මට කිසි ම දෙයක් හිතා ගන්න බැරි වුණා.

මම හිටිය පැලට නැග්ගා ජීවිතේ බේර ගන්න ඕන නිසා,” 65 හැවිරිදි ගණපතිපිල්ලේ සෝමසුන්දරම් තමන් මුහුණ දුන් ‘බියකරු’ අත්දැකීම පිළිබඳව බීබීසී සිංහල සේවය වෙත එලෙස අදහස් දැක්වීම ආරම්භ කළේ ය.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග ඇති වූ ජල ගැලීම් තත්ත්වය හමුවේ ගංවතුරට කොටුවී සිටි ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බේරා ගනු ලැබුවේ, ඊයේ (නොවැම්බර් 27) දහවල් කාලයේදී ය.

අම්පාර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කරමින් පියාසර කරමින් තිබූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක සිටි ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් වාලච්චේන, තොළුවිලච්චිය ප්‍රදේශයේදී මෙම මුදා ගැනීමේ මෙහෙයුම සිදු කරනු ලැබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.

‘මට මරණ බයක් දැනුණා’

තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ගණපතිපිල්ලේ සෝමසුන්දරම් කියා සිටියේ, තමන් කුලී සේවකයෙකු ලෙස සේවය කරන බව ය.

“මගේ රස්සාව වන අලින්ගෙන් කුඹුරු රකින එක. මේ රස්සාවට සතියකට රුපියල් 5000ක් දෙනවා. මට පවුලේ ළමයි 04 දෙනෙක් ඉන්නවා. අපේ පවුලේ ඔක්කොම 06 දෙනෙක් ඉන්නවා බිරිඳත් එක්ක. හැම සතියකට ම එක දවසක් මඩකලපුව, වන්දාරමුල්ලේ තියෙන ගෙදරට එනවා පවුලේ අයව බලලා යන්න.”

“මම ගිය ඉරිදා උදේ ගෙදර ගිහින් ආපහු කුඹුරට ගියා පැල් රකින්න කියලා. ඒ යද්දී උයන්න කෑම බඩු එහෙම අරන් යනවා, සතියක් එහෙ ඉන්න ඕන නිසා. කුඹුර තියන්නේ කැලයක් ළඟ. කුඹුර තියෙන්නේ මගේ ගෙදර ඉදලා කිලෝමීටර් 10ක් වගේ දුරින්.” ඔහු පැවසුවේය.

දිවයිනේ නැගෙනහිර වෙරළ කලාපයට ඔබ්බෙන් ඇති වූ පීඩන අවපාතය සමග ඇද හැලුණු දැඩි වර්ෂාපතනය සමග සෝමසුන්දරම් පැල් රකිමින් සිටි වාලච්චේන, තොළුවිලච්චිය ප්‍රදේශයට මෙන්ම නොවැම්බර් 26 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට අම්පාර, මඩකලපුව ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකට ම ක්ෂණික ජලගැලීම් තත්ත්වයක් ඇති විය.

“එක පාර ම රෑ 12.00ට වගේ මම කුඹුරේ පැලට වෙලා ඉද්දි වතුර පාරක් ආවා. ඒ වෙද්දීත් හොඳට ම වහිනවා. මට කරන දෙයක් ගැන හිතා ගන්න බැරි වුණා.”
“එන්න එන්න වතුර පාර වැඩි වුණ නිසා මම පැලේ වහලට නැග්ගා. වැස්ස නිසා පැලේ තිබ්බ කුඩයක් අරන් වහලට වෙලා හිටියා.”

“කිසි ම දෙයක් පෙනුණේ නැහැ.. වැස්ස එක්ක හුළඟ විතර යි.”

“මම ඇත්තට ම බය වුණා. ඒ වෙලාවේ හිතුණා ගංවතුරට අහුවෙලා මැරෙයි කියලා,” ඔහු තමන් මුහුණ දුන් ‘බියකරු’ අත්දැකීම පිළිබඳව එලෙස විස්තර කළේ ය.

afbbc1
“මම ඇත්තටම බය වුණා. ඒ වෙලාවේ හිතුණා ගංවතුරට අහුවෙලා මැරෙයි කියලා.”

‘කුඩය වනලා මම කෑ ගැහුවා’

ජලගැල්මට කොටු වූ තමන් පැය 14කට අධික කාලයක් පැලේ වහලය මත සිටි බව ඔහු පැවසීය.

“එක දිගට වහින වැස්සත් එක්ක මම පැය 14කට වැඩිය කාලයක් පැල උඩට වෙලා හිටියා. උදේ වෙද්දී අඩි 4කට වැඩිය වතුරෙන් යට වෙලා තිබුණා ඒ පැත්ත ම.”

“සීතලත් එක්ක බඩගින්නක් තිබුණා. කන්න කිසි ම දෙයක් තිබුණේ නැහැ. එහෙම ඉද්දි දවල් මම දැක්කා හෙලිකොප්ටරයක් යනවා. ඒ වෙද්දී වැස්ස ටිකක් පායලා තිබුණේ. මම කුඩේ වනලා කෑ ගැහුවා.”

“හෙලිකොප්ටරය වටයක් කැරකිලා මම හිටිය තැනට ආවා. ඊට පස්සේ ඒකෙන් කෙනෙක් පහළට බැහැලා මාවත් අරන් ආපහු උඩට ආවා.”

“ගොඩක් ලොකු සතුටක් දැනුණා මට. හෙලිකොප්ටරේ හිටපු ගුවන් හමුදාවේ අය මට කන්න බිස්කට් වගේ ම වතුරත් දුන්නා,” ගණපතිපිල්ලේ සෝමසුන්දරම් තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කළේ ය.

එමෙන් ම, තමන්ව මුදා ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාවේ නිලධාරීන් අවශ්‍ය ප්‍රථමාධාර දුන් අතර, යළිත් මඩකලපුවේ පිහිටි නිවස වෙත පැමිණීම සඳහා අවශ්‍ය මුදල් ද ලබා දුන් බව ගණපතිපිල්ලේ සෝමසුන්දරම් සිහිපත් කළේ ය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *