පසුගිය දවස්වල තෙල් පෝලිම් දැකගන්න ලැබුණානේ..ඉතිං මේ කියන්න හදන්නේ ඒ ගැන ලැබුණු පුවතක් …
ඉන්ධන බෙදුම්කරුවන් වෙත ලබා දුන් සියයට 3ක වට්ටම අහෝසි කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මේ අතර, රට තුළ පවතින දෛනික ඉන්ධන ඉල්ලුමට වඩා දෙගුණයක ඉන්ධන ප්‍රමාණයක් පෙරේදාට සාපේක්ෂව ඊයේ දිනයේදී පිරවුම්හල් වෙත නිකුත් කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.
එවැනි පසුබිමක අද බොහෝ ඉන්ධන පිරවුම්හල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන ආකාරය ද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සදහන් කළා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්ධන බෙදුම්කරුවන් අතර මෙතෙක් පැවැති බෙදුම්කාරීත්ව ගිවිසුම අනුව පිරවුම්හලකින් අලෙවි කෙරෙන සෑම ඉන්ධන ලීටරයකටම ලබා දුන් සියයට තුනක වට්ටම අහෝසි කිරීමට සංස්ථාව පසුගියදා තීරණය කළා.
එම තීරණයත් සමග අලුතින් ඉන්ධන ඇණවුම් නොකිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කළේ පසුගිය සිකුරාදායි. ඒ අනුව පෙරේදා රාත්‍රියේ සිටම ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, අද පෙරවරුව වනවිට එම තත්ත්වය පාලනය වී තිබූ අතර සාධාරණ වට්ටමක් තෙල් සංස්ථාව සමග බෙදුම්කරුවන්ට සාකච්ඡා කර ගත හැකි බවයි අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ.
මේ අතර, රට තුළ පවතින දෛනික ඉන්ධන ඉල්ලුමට වඩා දෙගුණයක ඉන්ධන ප්‍රමාණයක් පෙරේදාට සාපේක්ෂව ඊයේ දිනයේදී පිරවුම්හල් වෙත නිකුත් කර ඇති බවත් කොන්ත්‍රාත් කඩකරන ඉන්ධනහල් සදහා ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ.
මේ අතර, කොළොන්නාව නිමාවෙන් ඉරිදා දිනවල ඉන්ධන නිකුත් නොකරන නමුත් අද දිනය විශේෂ දිනයක් ලෙස නම් කරමින් තෙල් බෙදා හැරීමේ කටයුතු සිදුකෙරුණා.
මෙවන් පසුබිමක පවතින ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්ධනහල් හිමියන් හෙට උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතයි.
මේ අතර, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ෆෙස්බුක් ගිණුමේ සටහන් තබා තිබෙනවා.
එමගින් ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ ලාභංශ ප්‍රතිශත පිලිබඳ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ඛණිජ තෙල් බෙදුම්කරුවන් 2022 වසරේ මාර්තු මස මහාධිකරණයේ සහ 2023 වසරේ අභියාචනාධිකරණය මගින් එම තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට එරෙහිව තහනම් නියෝග දෙකක් ගත් බවයි.
එම තහනම ඉවත් කරමින් අභියාචනාධිකරණය මගින් සංස්ථාවේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස 2024 වසරේ අගෝස්තු මස නියෝගයක් නිකුත් කළ බවත් එම නියෝගය විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙත සැප්තැම්බර් මස 02 වැනිදා ලැබුණු බව එහි සදහන්.
ඒ අනුව කටයුතු කිරීමේදී ඛණිජ තෙල් බෙදුම්කරුවන් නැවත එම නියෝගයට අභියාචනයක් සැප්තැම්බර් මස ශ්‍රේෂ්ඨධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි පළමු නඩු විභාගය සැප්තැම්බර් මස 18 වැනිදා විභාග වූ බවයි.
කෙසේ වෙතත්, 2024 වසරේ සැප්තැම්බර් 23 වැනිදායින් පසු එතෙක් පැවති රජය වෙනස් වීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නව තීරණය, නීතිපතිවරයාගේ උපදෙස් හෝ ඛණිජ තෙල් සංස්ථාව ක්‍රියාත්මක කල ක්‍රමවේදය පිළිබඳව තමා හට අවබෝධයක් නොමැති බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Source – Hiru Gossip