Wed. Dec 4th, 2024

ඔයා කැමති කෙනෙක් ළඟට යන්න.. ඒකට ඔයාට නිදහස තියෙනවා.. !

ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය ගොඩක් සාර්ථකව ගෙවී ගිය එකක්..

ඒත් මෑතකදී ඉඳන් තමන්ගේ බිරිඳ තමන්ගෙන් එන්න එන්නම ඈත් වෙන බවක් දැණුන සැමියා මේ ගැන හිටියේ ගොඩක් කලකිරීමෙන්..

ඔහු රජයේ ඉහළ පෙළේ නිලධාරියෙක්.. බොහෝ දෙනෙක් හොඳින්ම දන්නා හඳුනන චරිතයක්.. ඒ නිසාම සමාජය අතරේ ගැවසෙන කොට වඩා පරිස්සම් වෙන්න ඔහු කටයුතු කළේ දෙපාරක් නොසිතාමයි… ඇගේ බිරිඳගෙන් ලබන්න බැරිවෙන ආදරය ඔහු වෙන කොහෙන් නම් ලබාගන්නද..? මේ ගැන ඒ සැමියා හිටියේ ලොකු පසුතැවීමකි… මේ නිසාම ඔහු මානසික වශයෙන් විවිධ බිඳවැටීම් වලට ලක්වුණා..

කාලයක් තිස්සේ depressionවලට වගේම අධි රුධිර පීඩනයටත් ඔහු ප්‍රතිකාර ලබා ගත්තා.. බෙහෙත්වලින් සුව කරන්න බැරි ගොඩක් දේවල් අපේ ජීවිතවල තියෙනවා කියලා දැනුණු මේ පුද්ගලයා, ටික දවසකින් හොයාගෙන යන්නේ මනෝ උපදේශකවරියක්.. ඇගේ බිරිඳ පවසන අරුම පුදුම කතා ගැන ඔහු එකිනෙකට මේ උපදේශකවරියට කියන්න පටන් ගත්තා..

“මිස්, මම ගොඩක් කාර්ය බහුල කෙනෙක්.. රාජකාරී ඇරුනම මට මටම කියලා කිසිම විදිහක පෞද්ගලික ජීවිතයක් තිබුණෙ නැහැ.. අපිට අවුරුදු 16ක දුවෙක් ඉන්නවා.. මට වයස 45යි.. බිරිඳට 43යි.. මෑතක ඉඳලා අපි දෙන්නගෙ අතර ගොඩක් ප්‍රශ්න.. ඇය මාත් එක්ක ලිං ගිකව එක් වෙන්න කැමැත්තක් දක්වන්නේ නැති තරම්.. මේක මට මහ වදයක්.. එයා කියනවා ඕනම නම් ඔයා වෙන කෙනෙක් හොයාගන්න ඒක මට කිසි ප්‍රශ්නයක් නෙමෙයි කියල.. ඒත් මම ඉන්න සමාජ තත්වෙ, ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක මං කොහොමද එහෙම දෙයක් කරන්න හිත හදාගන්නේ.. ඇයි මේක මගේ බිරිඳට නොතේරෙන්නෙ?”

ඔහු එක දිගට එක පෙළට පැවසුවේ මෙන්න මේ වගේ කතාවක්.. ඉතින් මේ ගැන සවන් දුන්න මනෝඋපදේශකවරියට මේකට හරිම පිළිතුරක් ලබා දෙන්න නම් ඔහුගේ බිරිඳ සම්බන්ධ කරගන්නම වුණා.. ඒත් ඇය මේ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කළා.. උත්සාහය අත් නොහැරි මනෝ උපදේශකවරිය දිනක් කෙසේ හෝ ඇයව සම්බන්ධ කරගත්තා.. පවුලේ ගැටලුව ඇතිවෙන්න හේතුව දෙදෙනා සමගම කතා කරලා තීරණය කරනවා කියලා හිතාගෙන හිටපු මේ මනෝ උපදේශකවරියට, බිරිඳගෙන් ලැබුනේ මෙන්න මේ වගේ පිළිතුරක්..

“එයාට හැම වෙලාවෙම ඔෆිස් එක විතරයි.. මාව ඕන වෙන්නෙම හරි කලාතුරකින්. ඒ විතරක් නෙවෙයි කොයි වෙලාවෙ බැලුවත් යකෙක් වගේ මගේ ඇඟට කඩාගෙන පනිනවා.. එයාට වෙන ගොඩක් දේවල්වලට හරියටම පලි මම වගේ තමයි එයා හැසිරෙන්නේ.. ඉතින් මම කොහොමද මේ දේවල් ඉවසන්නේ.. මම ඒකයි දැන් මෙයත් එක්ක වැඩි කතාබහක් නැතිව ජීවත් වෙන්නේ… ඉවසලා ඉවසලා බැරිම තැනයි මං මේ තීරණය ගත්තේ..”

සැමියාගේ ඉල්ලීම මත බිරිඳත් එක්ක කොහොම හරි කතා කරන්න තීරණය කර මනෝ උපදේශකවරිය මෙතැනදී ඔවුන්ට පැන නැගිලා තියෙන ප්‍රශ්නය ගැන හරියටම.. එක් එක් කාලවලට මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන්නේ වෙනස් වෙනස් අත්දැකීම්වලට.. සමහරවිට අපි ලබන ඒ අත්දැකීම් ගොඩක් නීරස වෙන්න පුළුවන්. කොයි තරම් ආදරය කරත් කොයිතරම් විවාහ දිවියේ එකට කාලය ගෙව්වත්, ආදරයක් රැඳෙන්නැති තැන්වල පවුල් ජීවිතයක් නීරස වෙනවා කියන එකට, මේ හොඳ නිදසුනක්..

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *