ඉදිරියේදී අමාත්‍යාංශයෙන් ලබා දෙන වාහනයක් භාවිතා කිරීමට සිදුවනු ඇති බවත් පවුලේ වාහනය තමන්ට රාජකාරී වෙනුවෙන් භාවිතා කිරීමට නොහැකි වනු ඇති බවත් කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.
තම ස්වාමිපුරුෂයා වෛද්‍යවරයෙක් බවත් ඔහුට වාහනයක් ඇති බවත් තමන්ටද වාහනයක් ඇති බවත් මැතිවරණ කාලසීමාවේ තමන් භාවිතා කළේ මිතුරන් ලබා දුන්න වාහනයක් බවත ඇය පවසයි.
තමන්ට පැවරි ඇති වගකීමට ගැලපෙන රටේ ආර්ථිකයට ගැලපෙන වාහනයක් භාවිතා කරන බවද ඇය කියා සිටී.
දැනට තමන් මාතර හා කොළඹ දිනපතා යන එන තත්ත්වයක් ඇති බවත් පවසන ඇය එනිසා සුදුසු ස්ථානයක් අවශ්‍ය යයි යන ස්ථාවරයේ තමන් සිටින බවද ඇය පෙන්වා දෙයි.
මාතලස් දිස්ත්‍රික්කයේත් ආසනයේත් තමන් සිටිය යුතු බවත් අමාත්‍යාංශය මෙන්ම පාර්ලිමේන්තුවේද කටයුතු සොයා බැලිය යුතු බවත් ඇය කියා සිටින්නීය.
රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අදහස් පල කර ඇත.
Source : Lanka C News