Wed. Dec 4th, 2024

ප්‍රබල තරුණ ඇමැති ළඟදීම ඇතුළට..!

ඉකුත් රජය සමයේ ප්‍රබල අමාත්‍යාංශයක සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ රැසකට අදාළ විමර්ශන මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව ‘මව්රට’ පුවත්පතට ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.

ඒ අනුව, ඊට අදාළ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු කොටුකර ගැනීම සඳහා මේ වනවිට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතින බවද දැනගන්නට ඇත.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම අමාත්‍යාංශයේ සිදුව ඇති විවිධ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබුණු අතර, පසුව ඒවා විමර්ශනය කිරීම සඳහා අදාළ ආයතන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

ඒ අනුව, ගෙවුණු මාස දෙකක පමණ කාලය පුරා විමර්ශකයන් විසින් ඊට අදාළ විමර්ශන පවත්වා සාක්ෂි රැසක් අනාවරණ කොටගෙන ඇති බව දැනගන්නට තිබේ.

මේ වනවිට එම කටයුතු අවසන් අදියරේ පවතින බැවින් නුදුරේදීම අදාළ දූෂිත ගනුදෙනුවලට වගකිව යුතු හිටපු ප්‍රබල අමාත්‍යවරයකු කොටුකර ගැනීම සඳහා සියලු කටයුතු මේ වනවිට සකස් වෙමින් පවතින බවද දැනගන්නට ඇත.

උපුටා ගැනීම : මව්රට

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *