Thu. Mar 27th, 2025

හිටපු කතානායක මාසෙට ලක්ෂ 40ක තෙල් ගහලා… – ඇමති බිමල් සියල්ල හෙලි කරයි.

පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයාගේ නිල නිවසේ කාර්ය මණ්ඩලය හැත්තෑවක් වූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු 2024 වසරේ ධුරය දැරූ කාලයේදී වාහන නවයක් සඳහා රුපියල් මිලියන තිස්තුනක ඉන්ධන භාවිතා කර ඇති බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

“හිටපු කථානායකවරයාවූ මහිංද යාපා අබේවර්ධනගේ නිළ නිවසේ කාර්‍යමංඩලය 70 යි. 2024 ජනවාරී 01 සැප්තැම්බර් 24 දක්වා ඔහු පාවිච්චි කළ වාහන ගණන 9 සඳහා තෙල් වියදම රුපියල් මිලියන 33 යි. එක් මාසයකට ලක්ෂ 40 ක තෙල් ගහලා. ඒ කාලය තුළ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ වාහන 6 කට ලක්ෂ 135 ක තෙල් ගහලා”

හිටපු කතානායකවරුන් නියෝජ්‍ය කතානායකවරුන් කෑම ටික සහ කෑම අමුද්‍රව්‍ය ටික පවා හොරට බිල් දමා ගෙදර අරන් ගිය බවද රත්නායක මහතා ප්‍රකාශ කළේය.

(මාසයකට ලක්ෂ 40 ක ඉන්ධන යනු දිනකට 133000ක පමණ වියදමකි. ඉන්ධන ලීටරයක් රුපියල් 350ක් සේ සලකන්නේ නම් ලීටර 380කි.

Source – Lanka C News

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *