දැනට වසර දෙකකට පමණ පෙර වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් සදහා රුපියල් ලක්ෂ 1740ක මුදලක් වැයකර ඇති බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා බවසයි.
නමුත් ගතවූ වසර දෙකක් තිස්සේ එය කොතනක හෝ විකාශණය කර නොමැති බව විගණනයකින් සොයාගෙන ඇති බවත් හෙතෙම පැවසීය.
ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ ,ඌව අභිමානි ප්‍රදර්ශනය විවෘත්ත කිරීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි අමාත්‍යාවරයා මෙසේ පැවසීය.
එහිදි අමාත්‍යාවරයා මෙසේද පැවසීය.
‘අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් හදන්න රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශණය කර නොමැති බව, එ් මුදල දැන්වීමට ගියාද වෙන කොහාට හරි ගියාද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න ඔිනි.
විනාඩි එක හමාරට වැය කරපු මුදල ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයටවත් ලැබිලා නැතුවා ඇති.
අපිට මේ රට සුද්ධ කරලාම හදන්න වෙනවා මේවා අනවශ්‍ය දේවල් වසර 76ක් බිද වැටුන රට එක දවසකින් අපිට හදන්න බෑ නමුත් කොහොම හරි අපි හදනවා’