ජනාධිපති අනුර දිසානායක මහතා එක්සත් අරාබි එමීර රාජ්‍යයේ උත්සවයකට සහභාගි වෙමින් තිබෙන අතරතුර ඔහුගේ ඇදුමේ බොත්තම් මාරුවීමේ සිදුවීමක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත. පසුව ඔහු එම බොත්තම් පටලැවිල්ල නිවැරදි කරගන්නා ආකාරයේ වීඩියෝවක් ද පල වේ.
හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාද උත්සව අවස්ථාවක සිය කලිසම උස්සන ආකාරයේ පින්තූරයක්ද එකල මෙලෙසම හුවමාරු විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක ජනාධිපතිවරයා නිරත වන්නේ ලෝක රාජ්‍ය සමුඵවට සහභාගී වීම සඳහායි. ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා මෙම සමුළුව පැවැත්වෙයි.
මේ පිළිබඳව මාලිමා පාක්ෂිකයන් සහ අනෙකුත් ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව අතර උණුසුම් වචන හුවමාරුවීමක් මේ දිනවල social media වල දක්නට ඇත.
මේ සියල්ල මෙසේ තිබියදී ප්‍රවීණ මාධ්‍යවේදියෙක් මේ ගැන වටිනා සටහනක් සිය ෆේස්බුක් ගිණුම වෙත එක් කර ඇත.
එය පහතින්,
“ඩීබී විජේතුංග ගෙ ඉදලා මෛත්‍රිපාල සිරිසේන කියන ජනාධිපතිවරුන් එක්කත්, රත්නසිරි වික්‍රමනායක ගෙ ඉදලා රනිල් වික්‍රමසිංහ කියන අග්‍රාමාත්‍යවරුන් සමගත් රාජකාරීව කටයුතු කරල තියෙන හින්ද දැකපු දේ අත්දැකීමෙන් මම එක ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමාගෙන් ඔබතුමාගේ කාර්යය මණ්ඩලයට අනුමත හෝ එහම නැත්නම් විශේෂ අනුමැතියකින් රැගෙන හෝ විශේෂ සහකාරවරයෙක් , ලේකම්වරයෙක් [ ගරු අග්‍රාමාත්‍යතුමිය එසේ පත්වීමක් දුන් බව දැනගත්තා]ඉක්මනින් පත්කරගන්න.
ඔබතුමාගේ කාර්යය බහුලකම සහ රාජකාරී සදහා අවධානය යොමුවීමතුල බාහිර යම් දේ සදහා අවධානය යෙදිය හැකි ඉඩ අඩුවිය හැකියි. ඒ කටයුත්ත සදහා විශේෂිතයෙක් පත්කර ගන්න.
මේක කියවන මාලිමා මිත්‍රවරු කොමෙන්ට් කරන්න පටන් ගනී ” චන්ද්‍රිකා රට යද්දි රම්සි ව එක්ක ගෙන ගියා වගේ , ශිරන්ති රට යනකොට කුමාරි දිසානායකව එක්කගෙන ගියා වගේ අපේ ජනාධිපතිවරයා කරන්නෙ නැහැ කියලා.
එහෙම අට මගලයක් නෙමේ මේ කියන්නෙ. ඇදුම අදිනන මේක් අප් දාන්න නෙමේ. පර්සනලි වැඩ ටික සම්බන්ධීකරනය කරලා සියල්ල හරිද කියල බලන්න. ඒක ආරක්ෂක නිලධාරීය හරි කැමැරමන් හරි කලාට හරියන්නෙ නැහැ.ඒකට විශේෂිත කෙනෙක් පත්කරගන්න.
මට ගොඩක්ම අත් දැකීම් තියෙන්නෙ ඉස්සර චන්ද්‍රිකා එක්ක වැඩ කරල. චන්ද්‍රිකාගෙ ඩයරිය හැන්ඩ්ල් කලේ දිසානායක මහත්මය උනාට ‘අමා’ තමා සියලු වැඩ ටික ලස්සනට කලේ.[ අමාට බැරි උනේ වෙලාවට එවන්න විතරයි].සාරියට හරියන්‍න හෑන්ඩ් බෑග් එක,හිසකේ හරියට සකසල වගේ දේවල්. විහිලුවකට ගත්තට එතන ජොබ් එකක් තියෙනවා. අමා වගේම සනත් ගුණතිලකත් චන්දිකාලෙ කටයුතු හොයල බැලුවා. එහෙමත් නැත්තං ලලිත් වැලිවටිගොඩ. මිනිහා ෆොටෝග්‍රැපර් උනාට ඇතුලට ගිහිල් ඕවත් බැලුවා.
මහින්දටත් එහෙම පිරිසක් හිටියා. නෙවිල් විතරක් නෙමේ නේවි එකේ කොල්ලෙක් හිටිය ඔය වැඩ වලට උදව්කරන්න. [බැසිල් ගෙ වයිෆ් ගෙ සාරි කටු කතාවත් මතක්කරගන්න] ඒ විතරක් නෙමේ මහින්‍ද ගාව හිටපු ඔය රොහාන් වැලිවිටල වගේ මිනිස්‍සු මහින්ද එනකොට ෂූට් කරන ඈන්ගල් එක ගැන පවා අවධානය ගත්තා. මහින්ද ගෙ හිසේ පිටුපස තට්ටය නොපෙනේන ෂූට් කරන්‍න කැමරාමන්ලා දැනුවත් වෙලා හිටියෙ.
එවා අවශ්‍යද නැද්ද කියල නෙමේ මම කියන්නෙ .එහෙම සිස්ටම් එකක් හැදුනම මේ වගේ මේජර් මිස්ටේක් වෙන්නෙ නැහැ.
රනිල්ටත් එහෙමයි. මෛත්‍රි මහත්මිය හරි අශෝක හරි ඒ වැඩ ටික බලනවා.
මම දන්න ඇමතිවරු කීපදෙනෙකුට පවා එහෙම දේවල් බලන්න අය හිටියා ඔය සීවී ගුනරත්න, කිංස්ලි ටී වික්‍රමරත්න වගේ අය. විශේෂයෙන් විදේශ රටකට යනකොට ෂෙඩුල් එක 100%ක්ම ප්‍රෙ ප්ලන්නෙඩ් නිසා , ඒවට අදින ඇදුම් ,සපත්තු වෙනමම සූදානම් කරන්න, ඒවා ගෙනියන්න, එතන වැඩක් තියෙනවා.
මම මේ කියන්නෙ මේ සිදුවීමට හිනාවෙනවා නෙමේ. මේක හදාගන්න ඕනෙ, හදාගන්න පුලුවන් එකක්. අපි කව්රුත් මිනිස්‍සු.අපි දන්න දේට වඩා නොදන්න දේ ගොඩක් වැඩී. ඒක ලැජ්ජාවක් නෙමේ.
තව එකක් මතක්වෙනවා. දැන්වගේ නෙමේ ඉස්සර ඉස්සර ක්‍රිකට් ටීම් එකටත් එයාර් ලංකා එකේ කෙනෙක් ඇවිත් ටේබර් මැනර්ස් පුරුදුකරනවා කියලා මම දන්නවා. මම මේ කියන්නෙ දුලිප්ල අර්ජුනලගෙ කාලෙ.ගමෙන් ආපු කොල්ලො හැදි ගෑරුප්පු වලට පුරුදු උනේ එහෙමයි.ටීම් එක එංගලන්තෙ යනකොට හැමපාරකම ඒ කාලෙ මීඩියා ස්පොක්ස්මන් කෙනෙක් අරන් ගියා. ගොඩක් වෙලාවට ගියේ අප අතර අද නොමැති සන් මිත්‍ර චන්ද්‍රශාන් ව. මොකද එංගලන්තෙ මීඩියා අපේ ප්ලේයර්ස්ලව අන්නන්න හදන හින්ද.
ඒ හින්ද මොකක් හරි සිදුවීමක් උනාම ඇඓ , ෆොටෝ ෂොප්, මඩ කියල යැයි යැයි කියල හෝදන්නෙ නැතුව අදාල වැඩවලට තනතුරු පත්කරන්න.
අපිට ඉංශ්‍රීසි බැරිනම් විශ්වාසදායක , ප්‍රෙපෙෂනල් , ස්ථිර ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් පත්කරගන්න. තාවකාලිව ගන්න අයට වඩා ඒක හොදයි. සිරසට කොලකෑල්ලක්වත් නැතුව ගියාට ලොකු සමුලුවකට ටෙලිප්‍රොම්ටරය දාල ඒ වැඩේ කරන්න. ලස්සනට ගාම්භීරව අදින්න. කන්න බොන්න. රටට වැඩක් කරන ගමන් තනතුරත් ඉන්ජෝයි කරන්න.
මාධ්‍යවේදි සංජීව බටුවත්ත
12.02.2025