“පරාජයට හේතුව තමයි අපි බැට් එකෙන් සහ බෝලෙන් හොඳට සෙල්ලම් නොකිරීම. විශේෂයෙන්ම අපි දඟ පන්දුවට හොඳට සෙල්ලම් කළාද කියන ප්‍රශ්නය තියෙනව පිතිකරුවො වශයෙන්. මම හිතනව ඒ ගැන අපිට ආයෙ හිතන්න වෙනව. ඔස්ට්‍රේලියාව සෙල්ලම් කරන කොට දෙපැත්තට ගහල ගොඩක් ලකුණු ගත්ත. අපි දෙපැත්තට ගැහුවද කියන ප්‍රශ්නය තියෙනව. දඟ කැවෙන තණතීරුවල ඉස්සරහට ගහල ලකුණු ගන්න ගොඩක් අමාරුයි. අපිට ඒ දේ කර ගන්න බැරි වුණේ තිබුණ පීඩනයත් එක්ක. අපිට හිතන්න වෙනව ඉස්සරහටත් මේ වගේම තණතීරුවල සෙල්ලම් කරනවද? නැත්නම් අපිට ගැළපෙන තණතීරුවල සෙල්ලම් කරල මැච් දිනනවද කියල.”
“පිතිකරුවෙක් වශයෙන් මමත් ගොඩක් කැමතියි ගාල්ලට වැඩිය ලංකාවෙ තියෙන අනිත් ක්‍රීඩාංගණවලට සෙල්ලම් කරන්න. අපි සෙල්ලම් කරන්න ඕන පන්දුවට සහ පිත්තට යන දෙකටම සමබරව තියෙන තණතීරුවල. පන්දු යවන්නො වුණත් හොඳටම පන්දු යන්න ඕන හොඳ පිච් එකක කඩුලු ගන්න. ඒ නිසා අපි ඊළඟ තරගාවලිවලදි අපි ඒ ගැන ප්ලෑන් කරන්න බලාපොරොත්තු වෙනව.”
“අපිට රමේෂ්ටම වගකීම පවරන්න බෑ. අනිත් පන්දු යවන්නොත් හරියට පන්දු යැව්වෙ නෑ. නිශාන් පීරිසුත් කඩුලු 5ක් වගේ තමයි ලබාගත්තෙ. රමේෂ්ගෙ වුණත් පන්දු යැවීමෙ නරකක් තිබ්බෙ නෑ. වැන්ඩසේ ගැන කතා කළොත් තණතීරුව දඟකැවෙන කොට එයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ වුණාට කණ්ඩායමේ සමබරතාවය පවත්වාගන්න තමයි අපි රමේෂ් එක්ක ගියේ.”
“මේ තණතීරුවල ලකුණු ලබාගන්න අමාරුයි. කඩුල්ලෙ ස්ථාවර වෙන කෙනා ලොකු ලකුණු සංඛ්‍යාවක් ගහන්න ඕන. ගහන පිතිකරුවො සියල්ලටම හැමදාම ලකුණු ගහන්න බෑ. ඔස්ට්‍රේලියාව වුණත් හැම තරගයෙදිම දෙන්නයි ලකුණු ගැහුවෙ. ඒ දෙන්න ලොකු ඉනිම දෙකක් ගැහුව. අපිට ඒ දේ කරගන්න බැරිවුණ.”
“නායකයෙක් වශයෙන් ගොඩක් කනගාටුයි. මට හොඳ කණ්ඩායමක් ලැබිල තියෙනව. අපි එක දිගට තරගාවලි ගණනාවක් ජයග්‍රහණය කරගෙන ආව. එක තරගයක් පැරදුනම අපිට එතැනින් ගොඩඑන්න බැරිව එක දිගට තරග 4ක් පැරදුන.”
“පිතිකරුවෙක් හිතන්න ඕන ලකුණු 50ක් ගැහුවම කොහොමද ඒ පනහ, සියයක්, එකසිය පනහක් කරගන්නෙ කියල. දන්නැති අය නෙවෙයි ඉන්නෙ. ශතක 15ට වැඩිය ගහපු අය ඉන්නෙ. අවාසනාවකට වගේ මේ තරගාවලියෙ ඒ දේ වුණේ නෑ. ඉදිරි තරගාවලිවල ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න බලනව.”
“නායකයෙක් වශයෙන් මට කරන්න පුළුවන් දෙය තමයි ක්‍රීඩකයන්ට විශ්වාසය දෙන එක. මෑත කාලය ගත්තොත් කුසල් මෙන්ඩිස් හොඳට සෙල්ලම් කරනව. අනිත් අයත් ඒ විදියට කළොත් ඉස්සරහට හොඳ වෙයි කියල මම විශ්වාස කරනව.”
සිසිර ඉන්ද්‍රජිත්
දිවයින