Fri. Dec 27th, 2024

දැන් හොර බොරු බෑ – පොලිසියට කැමරා ජැකට්..!

රථ­වා­හන අංශයේ සේවයේ නිර­තව සිටින පොලිස් නිල­ධා­රීන්ට ලබන වසරේ සිට මහ­මඟ රාජ­කා­රියේ නිර­තව සිටි­යදී පැලඳ සිටී­මට සිය නිල ඇඳුමේ රඳ­වන ආර­ක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූල­ස්ථා­නයේ අව­ධා­නය යොමුව තිබේ.

මුල් අදි­ය­ර යටතේ එවන් කැමරා 1,500ක් ගෙන එන බව පොලිස් රථ­වා­හන හා අප­රාධ අංශ­ය ­භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රන්මල් කොඩි­තු­වක්කු මහතා සඳ­හන් කරයි.

මෙම කැමරා ගෙන පොලිස් නිල­ධා­රීන්ගේ නිල ඇඳුමේ සවි­කි­රී­මට කට­යුතු කරනු ලබන්නේ පොලිස් නිල­ධා­රීන් රාජ­කා­රි­ වේ­ලා­ව­න්ව­ලදී අන­වශ්‍ය වැඩ කර­න­වාද? එසේත් නැතිනම් අව්ව සැර වීමේදී කැප් එක ගලවා අසල ඇති වෙළඳසැල­කට රිංගා­ගෙන සිටි­න­වාද? යන්න පිළි­බඳ සොයා බැලී­මට නොවන බව රන්මල් කොඩි­තු­වක්කු මහතා අව­ධා­ර­ණය කරයි.

– ගයාන් කුමාර වීර­සිංහ

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *