Thu. Mar 13th, 2025

අදානි සුළං බල විදුලි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – බලශක්ති ඇමති

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බල විදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලමේන්තුවේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමිනි.

මෙහිදී කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කර තිබුණි.

ඊට ප්‍රතිචාරදක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවය.

එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් මේ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවත් අමාත්‍යවරයා පවසා ඇත.

නමුත් සුළං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බැවින් ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.

අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ, ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බවය.

ඒ හේතුවෙන්, අදාළ සති දෙක ඇතුළත සෘණාත්ම පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වීමට සිදුවන බවත් ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘතිවලදී රජයන් අතර ගිවිසුම් සහ තරඟකාරී ප්‍රසම්පාදනය හරහා පමණක් සිදුකිරීමට සැලසුම්කොට ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *