Tue. Jan 21st, 2025

අධ්‍යාපන සුදුසුකම් බොරු ඒවා නොවිය යුතුයි..අවංකව අධ්‍යාපන සුදුසුකම් රටට කියන්න ඕනෑ..!

Opposition leader and the presidential candidate of United People's Power Sajith Premadasa speaks during an interview with The Associated Press in Colombo, Sri Lanka, Thursday, Sept. 12, 2024. (AP Photo/Eranga Jayawardena)

අධ්‍යාපන සුදුසුකම් බොරු ඒවා නොවිය යුතුයි..අවංකව අධ්‍යාපන සුදුසුකම් රටට කියන්න ඕනෑ..බොරු සුදුසුකම් පෙන්වලා ජනතාව මුලා කිරීම වැරදියි..! ආණ්ඩුවේ ආචාර්ය-මහාචාර්ය හුටපටය ගැන සජිත් පළමුවරට කතාකරයි!

 

කතානායකවරයකු ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න විපක්ෂයක් ලෙස සමූහයත් සමග සාකච්ඡා කර තීන්දු තීරණය ගන්නා බවත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සෙසු පක්ෂ සමග ද කතා කර තීන්දු තීරණ ගන්නා බවත් මන්ත්‍රීවරුන්ගේ මතවලට ඇහුම්කන් දී ගරු කර එකමුතුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

පක්ෂයේ විවිද අදහස් යෝජනා ඇති බවත් විපක්ෂයේ තවත් පක්ෂ ගණනාවක් ඇති නිසා ඔවුන් සමග ද සාකච්ඡා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම විවිධ පුද්ගලයන්ගේ සුදුසුකම් ව්‍යාජ නොවිය යුතු බවත් අවංකව ඒ සියල්ල ඉදිරිපත් විය යුතු බවත් වැරදි ආකාරයට සුදුසුකම් ඉදිරිපත් කර ජනතාව මුලා කිරිම වරදක් බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *