Wed. Mar 12th, 2025

අනාරක්ෂිත විදුලි කම්බියේ ගැටී මව සහ පුංචි පුතු ජීවිතයෙන් සමුගනී..!

සූරියවැව රන්දියගම ප්‍රදේශයේ දී කාන්තාවක් සහ ඇයගේ කුඩා පුතු විදුලි සැර වැදි මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි සිව්දරු මවක් වන එනෝෂා හර්ෂණී සහ අවුරුදු 5ක් වයසැති ගඟන ඉඳුවර නැමැති ඇයගේ පුංචි පුතුයි.

ඊයේ (05) සවස මෙම පුංචි පුතු පෙර පාසල් ගොස් පැමිණ නිවස පිටුපස ප්‍රදේශයේ සිය කුඩා පාපැදිය පදිමින් සෙල්ලම් කරමින් සිට ඇත.

එම අවස්ථාවේ නිවස ආසන්නයේ පිහිටි ඉඩමේ ඇති බේකරියක සහ නවතා තිබූ ලොරි රථයක ආරක්ෂාවට නීතිවිරෝධි ලෙස ඇඳ තිබූ විදුලි කම්බියක මෙම සිඟිත්තා පැටලී තිබේ.

මිඳුලේ සෙල්ලම් කරමින් සිටි පුතු ගැන සොයාබැලීමට එම ස්ථානයට ගිය මව, සිය පුතු විදුලි කම්බියේ පැටලී ඇති බව දැක කෑ ගසමින් පුතු බෙරා ගැනීමට උත්සාහ දරා ඇත.

එහිදී මවට ද විදුලි සැර වැදී ඇති අතර ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ නීතිවිරෝධීව ඇද තිබූ අනාරක්ෂිත විදුලි කම්බියේ විදුලිය ඒ වන විටත් විසන්ධි කර නොතිබුණු බවය.

මේ සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *