Fri. Mar 14th, 2025

අලුත්කඩේ වෙඩික්කරු ගිය ත‍්‍රීවිලර් රියදුරුත් අල්ලයි…!

2025.02.19 වන දින අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරමින් පවතී.

ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පහත සැකකරුවන් තිදෙනා 2025.02.22 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

01. හොරණෑ කාරගේ දමිදු ලක්ෂාන් වයස අවුරුදු – 22, ලිපිනය-මල්වත්ත පාර,අස්ගිරිය, ගම්පහ.
අපරාධය සදහා යොදා ගත් ගිනි අවිය සන්තකයේ තබාගෙන සිට අපරාධයට පෙර දින වෙඩික්කරු හට ලැබීමට සලස්වා අපරාධයට ආධාර අනුබල දීම.

02. පුල්ලේ ල්පෙරුම ආරච්චිගේ දමිත් අංජන නයනජිත් වයස අවුරුදු 25 ලිපිනය – අස්ගිරිවල් පොල, උඩුගම්පොල
අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝධ රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දීම.

03. පුල්ලේපෙරුම ආරච්චිගේ චමෝත් ගිම්හාන වයස අවුරුදු – 19 ලිපිනය – අස්ගිරිවල් පොල, උඩුගම්පොල
අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රිරෝධ රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දීම.

සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝධ රථය ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *