Mon. Mar 17th, 2025

දෙමව්පියන්ට දරන්න බැරි විදිහට පාසල් සංවර්ධන ගාස්තු වැඩි කරලා..!

දෙමාපියන්ට දරාගත නොහැකි අන්දමට පාසල් සංවර්ධන ගාස්තු ඉහළ දමා ඇති බවත්, ඒ නිසා එම ගාස්තු වහා අඩුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවැසීය.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල පාසල් සංවර්ධන ගාස්තුව ලෙස රුපියල් 11,000, රුපියල් 8000, රුපියල් 7000 යනාදී වශයෙන් මුදල් අයකරන බවට දෙමාපියන් විසින් තම සංගමයට පැමිණිලි කර ඇතැයි ද ඒ මහතා කීය.

තවදුරටත් කතා කළ ජෝශප් ස්ටාලින් මහතා මෙසේද කීය.

“පාසල් සංවර්ධන ගාස්තු එක් එක් පාසල් අසීමිත විදිහට වැඩි කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තමයි මේ සංවර්ධන ගාස්තු වැඩි කරන්නේ. මෙයින් පීඩාවට පත්වෙන්නේ පාසල් යන අහිංසක දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්. අධ්‍යාපන බලධාරීන්ට අපි කියන්නේ මේ විදිහට සංවර්ධන ගාස්තු වැඩි කරන්න දෙන්න එපා කියලයි. පාසල්වල අයකරන ගාස්තු නිවැරදි ද කියලා වහාම පරීක්ෂණයක් කරන්න කියලයි අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ. මේ අසාධාරණ ලෙස සංවර්ධන ගාස්තු වැඩි කරලා තියෙන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල. සමහර පාසල්වල දරුවන්ට පහසුකම් ඇත්තෙත් නැහැ. ඒ වුණාට පාසල් සංවර්ධන ගාස්තුව නම් ඉහළ නංවනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමකෝන් සහ ධර්මසේන වැලිපිටිය

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *