Fri. Mar 14th, 2025

මාතර වෙඩිතැබීමකට සැක පිට රැප් ගායක ‘ශාන් පුතා’ අවියක් සමග අත්අඩංගුවට..!

ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන “ශාන් පුතා” හෙවත් කෞෂාන් ගුණරත්න නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමඟින් අද ( 14) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය නිවේදනය කර තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී සිදු කර ඇත.

 

පොලිස් මූලාශ්‍ර වලින් ලැබෙන තොරතුරු අනුව, සැකකරු වන රැප් ගායකයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු මෙන්ම, මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද වේ.

විමර්ශන වලින් හෙළි වී ඇති ආකාරයට, අදාළ ගිනි අවිය ලබා දී ඇත්තේ මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් බව තහවුරු වී තිබේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා, මීට පෙර මාතර, කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේදී මෙම ගිනි අවිය සොරාගෙන, පසුව එය රැප් ගායකයාට ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලැබ යාමෙන් අනතුරුව මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු හෙළි වී ඇති බවයි. මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කළ ප්‍රශ්න කිරීම් හරහා ලබාගත් තොරතුරු මත පදනම්ව, සැකකාර රැප් ගායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හෝමාගම මූලස්ථාන පොලිසිය තවදුරටත් සඳහන් කර සිටී.

මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ ගිනි අවිය ශාන් පුතා සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාල ගිනි අවිය හමුවී ඇති බවද පොලිසිය පවසයි.

එම ගිනි අවිය පිළිබඳව ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *