Mon. Sep 16th, 2024

මාලිමා ලොක්කෙක් රනිල්ට එක්වේ.. ජනතාවට කහට බොන්න කියන්න බෑලු..!

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න මහතා හා ගම්පොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර මහතා හමු වී අනූෂ විමලවීර මහතා තම තීරණය දැනුම් දී ඇත.

අනුරාධ ජයරත්න මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමේ අරමුණින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පොළ ආසන බලමණ්ඩල රැස්වීමට ද ඒ මහතා සහභාගි විය.

ජාතික ජන බලවේගයට රට ගොඩනැඟීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් තමන් මෙම තීරණය ගත් බව එහිදී අදහස් දැක්වූ අනූෂ විමලවීර මහතා සඳහන් කළේය.

උදේට කිරි බොන ජනතාවට කහට බොන්න සූදානම් වෙන ලෙස කියන දේශපාලන කඳවුරක තවදුරටත් රැඳී සිටීම නිෂ්ඵල කරුණක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

නෙත්මි පූජනී රත්නායක

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *