Mon. Sep 16th, 2024

වර්ජනයෙන් පොල් පටවාගෙන ගිය දුම්රියෙන් වැටී අයෙක් මරුට..!

අද (10) පස්වරුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රිය මගියෙකු දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබේ.

එම මගියා ඇද වැටී තිබුණේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙනි.දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු විය.අවම දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් ධාවනය වන බැවින් එම දුම්රිය වල උපරිම ධාරිතාව ඉක්මවා මගින් ගමන් කරයි.ඒ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලිසිය පවසයි.මේ අතර මීට පෙර පැවති දුම්රිය සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් ද දුම්රියෙන් ඇදවැටී පුද්ගලයකු මියගියේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් මේවන විට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා දෙන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ එකමුතු සංසදයේ සභාපති ඒ.අයි.පී.සදරුවන් මහතා පැවසීය.

අරක දියවු මේක දියවු.. දුම්රිය වර්ජනය තව තද කරයි..

ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රි 12.00 සිට පැය 24ක කාලයක් සඳහා වැඩවර්ජනයක් ආරම්භ කරන බව පැවසීය.ඒ පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලිඛිතව දැනුවත් කර ඇතිබව පැවසීය.දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් ලබා නොදීම හේතුවෙන් මේවන විට ගැටලු රැසක් මතුව තිබේ.

සිය සංගමයේ සාමාජිකයන්ගෙ ගැටලු ද ඒ අනුව දිගින් දිගටම කල් යන බව වැඩිදුරටත් පැවසීය .

– නාගොඩ සුමන උදයන්ත

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *