Sun. Sep 8th, 2024

වසන්තගේ ඝාතකයන් රටින් ගියාදැයි අනාවරණය වී නෑ..!

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් රටින් පිටව ගොස් තිබෙනවාද යන්න මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ජංගම දුරකතනවල තොරතුරු සම්බන්ධයෙන් හා ආරක්ෂිත කැමරා දර්ශනවලට අනුව නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම් 8 -10 අතර ප්‍රමාණයක් සිද්ධිය පිළිබඳ දෛනිකව විමර්ශන සිදුකරන බවත්, මෙම කණ්ඩායම් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් පරීක්ෂණ සිදුකරන බවත් හෙතෙම පැවසීය.

අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳව සදහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මෙසේද පැවසීය.

“තාක්ෂණික උපකරණවල සහාය ලබා ගනිමින් මෙම විමර්ශන සිදුකරනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සැකකරුවන් කිහිප දෙනෙකු වැලිපැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

සැකපිට අත්අඩංගුවට ගත් පිරිස් ඇප මත මුදා හැර තිබෙනවා. මෙම පිරිස් අදාළ සිද්ධියට සෘජු ලෙස සම්බන්ධ බවට තහවුරු වී නැහැ.

ටැටු ආයතනයේ හිමිකරුවන දුලාන් නැමැත්තාගේ මව මත්ද්‍රව්‍ය සමග මිට පෙර අත්අඩංගුවට පත් වි තිබෙනවා ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදි සිටිය කියලා තොරතුරු තියෙනවා

එත් මෙම සිද්ධියට ඇය සෘජුවම සම්බන්ධ බවට මෙතෙක් කරණ ලද විමර්ශනවලදි අනාවර්ණය වෙලා නැහැ මෙම සිද්ධීය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අඛන්ඩව සිදුවනවා එත් අදාල විමර්ශන කටයුතු පිලිබදව හෙලි කරන්න බැහැ එය විමර්ශනයට බදාවක් වෙන්න ප්‍රළුවන්

මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් හා තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්න තියෙනවා මෙම සිදුවිම විදේශ රටක සිට මෙහෙයවල තියෙනවා කියලා තොරුතුරු තියෙනවා අදාල කටයුතු මෙහෙය විම සිදුකල ප්‍රද්ගලයින් පිලිබදවත් යම් යම් තොරුතුරු තියෙනවා

පසුගිය දිනවල මහරගම මාතර මාලිගාවත් ප්‍ර දේශවල සංවිධානාත්මක අපරාධ කරුවන් සම්බන්ධයෙන් පල වු දැන්විම පිලිබදව විමර්ශනය සිදුකරමින් තියෙන්නේ මේ පිලිබදවත් පරික්ෂණ අඛන්ඩව සිදුවෙනවා”

( දිනේෂ් සමරකෝන්)

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *