Mon. Sep 16th, 2024

ව්‍යාපාරික තාඹුගලගේ බැංකු ගිණුමට ලොකු මුදලක්

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාගේ බැංකු ගිණුමට 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළ රුපියල් මිලියන 4,757ක් බැර වී ඇතැයි අද (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වුණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද අධිකරණයේදී මේ බව සඳහන් කළේ, සැකකරු සම්බන්ධයෙන් සිදුකරන නීතිවිරෝධී වත්කම් විමර්ශනයක් පිළිබඳ කරුණු දක්වමිනි.

පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *