Fri. Mar 14th, 2025

සරසවි පුතුගේ හිසට පොල්ලකින් පහරදී පියා වස බොයි..!

බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් පහළ මස්සැන්න ප්‍රදේශයේ දී පියෙකු පුත්‍රයාගේ හිසට පොල්ලකින් පහරදී ඔහු ද වස පානය කර තිබේ.

පසුගිය මාර්තු 4 වන දින රාත්‍රියේ පොල්ලකින් පුත්‍රයාට පහරදී ඇති අතර, පසුව පියා ද වස පානය කිරීමෙන් බරපතළ තත්ත්වයෙන් සිටි දෙදෙනාම බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.

පුත්‍රයාගේ තත්ත්වය බරපතළ වන බැවින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

විශ්වවිද්‍යාල සිසුවෙක් වෙන 23 හැවිරිදි පුත්‍රයා නිවසේ සාලයේ පරිගණක පාඩමක් කරමින් සිටින විට පියා මෙලෙස පොල්ලකින් පහරදී තිබුණි.

පියා සහ මව නිතර ආරවුල් ඇති කරන්නා අතර, එදින ද පියා විසින් මවට පිහියකින් පහරදීමට උත්සාහ දරා ඇති බවත් එය ව්‍යර්ථ වී ඇති බවත් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පියා මේ වනවිට බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, බලන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යයා දිල්රැක්ෂි මෙනවිය රෝහලට ගොස් ඊයේ (05) නියෝග කර තිබුණේ ඔහුව එළැඹෙන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

ඒ අනුව පියා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තවදුරටත් බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

රත්නපුර අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් මේ වනවිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තුවාල ලැබූ සරසවි සිසුවාගේ මව,

“මම වෙනදාටත් විහිළුවක් කරගෙන එන්නේ. පුතේ පාඩම් කරනවා ද නිදිද කියලා ඇහුවා. සද්දයක් නෑ. මම ගෙට යනකොටම අරයා දොර මුල්ලේ ඉඳලා මගේ ඇඟට ඇන්නා. පිහිය මෙහෙම ගියේ. මම ගෙට එනකල් අපේ කාමරේ හැංඟිලා ඉඳලා තියෙන්නේ. එයා බිම වැටුණා මගේ අතේ තිබුණ පළා ටික බිමට වැටුණා. මම එළියට පැන්නා. අත තමා තුවාල වුණේ. මම ළමයා දැක්කේ නෑ. එතකොට ගොඩක් අය ඇවිත් හිටියා. එයාලා කිව්වා ලේ විලක් තියෙනවා කවුද දන්නේ නෑ කියලා. මම කිව්වා පුටුවේ ඉන්නේ නම් ළමයා කියලා. රාළහාමිලා මෙතෙන ඉන්නකොට ට්‍රොලියට දැම්මා. එතකොට මම පුතේ කිව්වහම ඇස් දෙක ඇරියා.”

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *