දිස්ත්‍රික්ක පහක වී හා සහල් තොග පිළිබඳ වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශයට භාරදුන් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.අම්පාර, අනුරාධපුර පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක පහක වී හා සහල් තොග පිළිබඳ දත්ත එහි ඇතුළත් වෙයි.
සෙසු දිස්ත්‍රික්කවල පවතින වී හා සහල් තොග පිළිබඳ වාර්තා ලබා ගත යුතු බව වෙළඳ අමාත්‍යාංශය දැනුම් දුන් බව එම අධිකාරිය පවසයි.ඒ අනුව එම දිස්ත්‍රික්කවල වී හා සහල් තොග ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අනියුක්ත කර තිබේ.මේ අතර පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
– නාගොඩ සුමන උදයන්ත