Wed. Nov 27th, 2024

තීව‍්‍ර සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාව ඉදිරියේ – හෙට වහින තැන් මෙන්න..!

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.

මෙම පද්ධතිය 2024 නොවැම්බර් 26 වැනි දින පෙරවරු 11.30 ට පමණ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 280 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා තිබුණි.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර නොවැම්බර් 27 වැනි දින සුළිකුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.

හෙට දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. උතුරු, උතුරු – මැද, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *