Thu. Jan 16th, 2025

හාල් මාෆියාව ඉවරෙටම ඉවරයි – සහල් නැවකට සල්ලි බැන්දා – හෙට අනිද්දට හාල් ටික රටට

ඉන්දියාවෙන් සහල් 25,000-30,000ක් හතර ප්‍රමාණයක් ඇනවුම් කරන ලද බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට රජය ලබා දුන් අවසරය අනුව පිටකොටුව තොග ආනයනකරුවන් විසින් මෙම ඇණැවුම ඉන්දියානු සැපයුම්කරුවන් වෙත ලබාදී ඇත.

කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමට රජය ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොමැති වීම මත සහල් ආනයනය කර හැකිවනු ඇත්තේ සුළු ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දෙති.

දේශීය වෙළෙඳ පොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී.

ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024-12-20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට තීරණය කරන ලදී.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *