Wed. Jan 15th, 2025

රනිල්ගෙන් බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලැයිස්තුව මෙන්න – බාර් ලයිසන් 361ක් බෙදලා..!

2024 ජනවාරි මස 01 වැනි දිනෙන් පසුව  නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළේ ය.

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (4) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉන් වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර, එම ප්‍රමාණය 110ක් බව හෙතෙම පැවසීය.

ඊට අමතරව දකුණු පළාතට බලපත්‍ර 48ක්, උතුරට 32ක්, නැගෙනහිරට 22ක්, මධ්‍යමට 45ක්, උතුරු මැදට 14ක්, වයඹට 30ක්, ඌව හා සබරගමුවට 30 බැගින් මෙම බලපත්‍ර ලබාදී ඇති බව පැවසීය.

මෙම ලබාදුන් බලපත්‍රවලින් 172ක් ලබාදී ඇත්තේ මත්පැන් සිල්ලරට විකිණීම (වයින් ස්ටෝස්) හෙවත් FL- 4 කාණ්ඩය යටතේ ලබාදෙන බලපත්‍ර බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක් වූ සභානායක බිමල් රත්නායක මහතා,

“මේ බලපත්‍ර දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් බව පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමතියි”

ඊ‌ට අදාළ ලේඛනය පහත දක්වා තිබේ..

බාර් ලයිසන් ගත්ත ලිස්ට් එක බලන්න මෙතනින්,

ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (04)  විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ පසුගිය ආණ්ඩුවෙන් තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව සභාගත කරන බවයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *