මෙරට ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ‘ගුවන්-අනතුර’ සිදු වී, ඊයේ(04වනදා) දිනට වසර 50ක් සපිරිම නිමිත්තෙන්, එම අනතුර සිදු වූ ‘සප්ත කන්‍යා පාමුල’ අනතුරෙන් ජීවිතක්ෂයට පත් අයගේ සිරුරු /මිහිදන් කර ඇති ස්ථානය අසල/ ඉදිකර ඇති ස්මාරකය අසල, මියගිය අයට පිං-අනුමෝදම් කිරිමේ වැඩසටහනක්(04වනදා) දින පස්වරුවේ සිදු කෙරිණ..
‘නෝටන්බ්‍රිජ්’ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක, ‘කපිල විජේසුරිය’ මහතා, නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් සහ මුරුත්තැන්න වත්තේ වතු-කම්කරුවන් එක්ව, මෙම පිංකම සිදු කෙරුණි..
ස්මාරකය අසලට නෝටන්බ්‍රිජ්, ජම්බුගස්තැන්න, ශ්‍රි නිශ්ශංකමල්ලව විහාරස්ථානයේ විහාරාධිපති, ‘පූජ්‍ය උඩගම සීලරතන හිමියන්’ වඩම්මවා ආගමික වතාවන් සිදුකර, මියගිය අයට පැන්-වඩා පිං-අනුමෝදම් කෙරිණ..
ස්මාරකය අසල පොල්තෙල් පහන් දල්වා, මියගිය අය සිහිකර ‘විනාඩියක නිශ්ශබ්දතාවයක’ නියැලීමෙන් අනතුරුව, එම ස්ථානයට වැඩම කළ සංඝ රත්නයට පිරිකරක් පූජා කළේය..
‘මාර්ටින් එයාර්’ ගුවන් සමාගමට අයත් ‘ඩි.සි 08’ ගුවන් යානය, 1974 වසරේ දෙසැම්බර් මස 04වනදා ඉන්දුනිසියාවේ, සුරවේයාර් ගුවන්තොටුපලේ සිට මක්කම දක්වා පියාසර කරමින් තිබියදී, එදින රාත්‍රි 10.10ට ගුවන් යානය ‘නෝටන්බ්‍රිජ්’ සප්ත කන්‍යා කඳු-මුදුණේ ගැටී, එහි ගමන් ගත් මඟීන් 182දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 09දෙනෙකු ජීවිතක්ෂයට පත් විය..
මෙම අනතුරෙන් මියගිය 191දෙනෙකුගෙන්, ඩි.සි 08 ගුවන් යානයේ /ගුවන්-සේවිකාවකගේ/ මල-සිරුර ඇයගේ පෙම්වතා පැමිණ, හෙලිකොප්ටරයකින් ඉන්දුනිසියාව වෙත රැගෙන ගොස්, එහිදී මිහිදන් කර ඇත…
Mike Fernando
දිනමිණ