Fri. Jan 10th, 2025

රිළවුන් නිසා කපුටන් ඇතුළු කුරුල්ලන් බරපතළ ලෙස අඩුවෙලා..! – ප්‍රවාහන හා මහා මාර්ග නි.ඇමැති

රිළා උවදුර හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කපුටන් ඇතුළු කුරුලු ගහනය බරපතළ ලෙස අඩු වී ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

රිළවුන් කුරුලු කුඩු විනාශ කර බත්තර හා පැටවුන් කා දමහ බවත් මේ නිසා පරිසර පද්ධතියේ සමතුලිතතාව බරපතළ අවදා නමකට ලක්ව තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගියෝජ්‍ය ඇමැති උසන්න ගුණසේන මහතා මෙසේද කීවේය.

“ගොවිතැනට හානි කරන ගොළුබෙල්ලන්, පණුවන් වැනි සතුන් ආහාරයට ගනිමින් පරිසර සමතුලිතතාව ආරක්ෂා කිරීමට සිටින කුරුලු ගහනය අඩු වෙනවා.

මේ නිසා රිළවුන්ගෙන් වන හානියට අමතරව ගොවිතැනට හානි කරන සතුන් විනාශ කරන සතුන් ද විනාශ වෙනවා. ඒ නිසා තමයි කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා යම් තීරණයක් අරගෙන තියෙන්නේ ඒ නිසයි.

පරිසර වේදින් යැයි කියාගන්නා පිරිසක් එයට එරෙහිව අද උද්ඝෝෂණ කරන්න පටන්ගෙන තියෙනවා හමුත් ඔවුන්ට මේ බහුතරයක් ජනතාව විඳින පීඩාව තේරුම් ගන්න බැහැ. සමස්ත කෘෂිකර්මාන්තයම කඩා වැටුණාම මේ රටේ වගා කළ හැකි දේවල් පවා පිට රටින් ගෙන ඒමට සිදු වෙනවා.

ප්‍රධාන අපනයන භෝගයක් වූ පොල් පලදාවට අද සිද්ධ වෙලා තියෙන විනාශය තේරුම් ගන්න පොල් ගහක් යට ගියාම දැක ගන්න පුළුවන්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කිසි විටෙකත් ජනතාවට හෝ රථට අහිතකර තීන්දු තීරණ ගන්නේ නැහැ.”

– අසේල කුරුළු වංශ

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *