Wed. Feb 5th, 2025

නොමිලේ දීපු පොහොර නැව ගැන අමාත්‍යංශයෙන් දාපු නිවේදනයට රුසියාවට යකා නගී..අතපසු කිරීමක්ද? නොදන්නාකමට කරපු දෙයක්ද?

රුසියාවෙන් තෑග්ගක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දුන් පොහොර මෙට්‍රික් ටොන් 55,000 සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාගේ රජය පසුගිය සතියේ රුසියාව කෝපයට පත් කර තිබුණි. රුසියාවෙන් ආ පොහොර තොගයක් අඩංගු නෞකාව පසුගිය බ්‍රහස්පතින්දා (12) කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නෞකාව පිළිගැනීම සඳහා ජනාධිපතිවරයාගේ හෝ අගමැතිගේ ඉහළ මට්ටමේ සහභාගීත්වයක් රුසියාව මුලින් අපේක්ෂා කළ බව දැනගන්නට ලැබුණි. කෘෂිකර්ම අමාත්‍යවරයා පමණක් යැවීමට රජය ගත් තීරණය පළමුව රුසියානුවන් කලකිරීමට පත් කළේය.

කෙසේ වෙතත්, රුසියානුවන් කෝපයට පත් කළේ සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් හේතුවෙනි. ඒ, එය ලෝක ආහාර වැඩසටහනෙන් (WFA) පරිත්‍යාගයක් වන පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ලැබෙන බව ප්‍රකාශ කර තිබීම නිසාය. මාධ්‍ය සටහන දුටු රුසියානුවන්, ජනමාධ්‍ය අමාත්‍යාංශය රුසියාවට අපහාස කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රජයට තම අප්‍රසාදය පළ කිරීමටත් තීරණය කොට තිබිණ.

රුසියාවෙන් ලැබුණු තෑග්ග සඳහාලෝක ආහාර වැඩසටහන පහසුකම් සපයන්නෙකුගේ භූමිකාව පමණක් ඉටු කර ඇති බව පෙන්වා දුන් රුසියානුවන්, එය හිතාමතාම අතපසු කිරීමක් ද නැතහොත් වැඩ කරන්නේ කෙසේදැයි නොදන්නා නව කණ්ඩායමක ක්‍රියාමාර්ගයක් ද යන්න ප්‍රශ්න කර තිබුණි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ධගරියන් ද තම තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට දන්වා සිටියේ නිල භාරදීමේ උත්සවයට සහභාගී වීම පිළිබඳව තමා නැවත වතාවක් කල්පනා කරන බවයි.

කෙසේ වෙතත්, රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වැරැද්දට සමාව අයැද සිටි අතර රුසියානු තානාපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට සහභාගී විය.

කෙසේ වෙතත්, උත්සවයේදී රුසියානු තානාපතිවරයා දැඩි ස්ථාවරයක් ගත් අතර, ආකර්ශනීය සටන් පාඨවලින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකා රජය කෙරෙහි රුසියාවේ ප්‍රවේශය රඳා පවතින්නේ වැඩ කටයුතු සිදු කරන ප්‍රායෝගික ආකාරය මත බව ප්‍රකාශ කළේය.

Mawrata
-ද මෝනින් ඇසුරිනි

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *