වව්නියාව සෙට්ටිකුලම් පෙරියකාඩු ප්‍රදේශයේදී කැබ් රථයක් වනඅලියෙකුගේ ගැටීම හේතුවෙන් දෙදෙනෙකු තුවල ලබා ඇති අතර වනඅලියාද බරපතල තත්වයෙන් වැටී සිටින බවට සෙට්ටිකුලම් පොලීසිය පැවසීය.
මැදවච්චිය මන්නාරම් මාර්ගයේ පෙරියකාඩු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර වනඅලියා කැබ්රථයේ ඉදිරිපස ගැටීමෙන් පසුව කැබ්රථය මතට වැටී බිමට පෙරලී ඇති බවටද අනාවරනය වෙයි.
අනතුරින් බරපතල තුවල ලැබූ වනඅලියා ඉතා අසීරුවෙන් මාර්ගය අසල තිබූ වතුර වලක් ආසන්නයට ගොස් වැටී සිටි අතර සෙට්ටිකුලම් වනජීවි නිලධාරීන් අදල ස්ථානයට පැමිණ වනඅලියා නැගිටවීමට උත්සහ ගත්තද එය අසාර්ථක වී ඇත.
අනතුරින් කැබ්රථයේ රියදුරුට සහ එහි ගමන්ගත් තවත් අයෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහලට ඇතුලත් කරනු ලැබීය.
18 දිනයේදී උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා විසින් වනඅලියාට ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇති අතර අනතුරින් වනඅලියා බරපතල තත්වයේ සිටින බවටද සෙට්ටිකුලම් වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
කැබ්රථයේ රියදුරුගේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන සෙට්ටිකුලම් පොලීසිය සැකපල කරසිටියි.
– වන්නි රොමේෂ් මධුෂංක