මොන්ටෙරෝ 3යි BMW 2යි තියෙනවා..එහෙම තියාගෙනත් කළමනාකාරවරුන්ට තව වාහන ගන්න යනවා.. ‘වලව්වේ එකා ආවොත් ඌ හොරකම් කරනවා අඩුයි…ගමේ එකා ආවොත් ඌ කෙළලම අරිනවා..!’ – තෙල් සංස්ථාවට හැදිලා තියෙන ‘රථ ගාය’ ගැන අලුත් හෙළිදරව්වක්! VIDEO
ඛනිජ තෙල් සමාගමට අලුතින් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමේ උත්සාහයක් පවතින බව වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මේ වනවිට අතිසුඛෝපභෝගී වාහන 5ක් තිබියදී මෙසේ තවත් වාහන මිලදී ගැනීමට සූදානම් වන බවකි.