Sun. Dec 22nd, 2024

අනතුරට ලක් වුනු බස් එකේ CCTV මකා දාලා – පොලිසියෙන් වැඩිදුර විමර්ශණ.

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට පත් වීම සම්බන්ධව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
ඊයේ උදෑසන 10ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුව ඇත්තේ රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් වන අතර එය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටී තිබුණි.

අනතුරින් අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ සහයක ඇතුළු 53 දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ අතර එහිදී පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූණා.

එලෙස මියගොස් තිබුණේ හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යයෙක්, 68 හැවිරිදි මහනුවර පදිංචිකරුවෙක් සහ කාන්තාවක්ය.

පාසල් සිසුවා සිය සහෝදරිය සමඟ බෙහෙත් ගැනීමට යන අතුරතුරදී මෙම අනතුරට මුහුණ දී ඇති බව අප වාර්තාකරු සදහන් කළා.

තුවාල ලැබූවන් අතරින් 10 දෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට යොමුකෙරුණු බවත්, ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් පොලිසිය බස් රථ රියැදුරාගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ බස් රථය තම පාලනයෙන් ගිලිහී ගොස් දොර විවෘත වී තමා බස් රථයෙන් එළියට වැටීමට ගිය බවයි.

ඒ අනුව සුක්කානමේ එල්ලී එය වළක්වා ගත් නමුත් පාලනය කර ගැනීමට නොහැකි වූ බස් රථය ප්‍රපාතයට පෙරළුණු බව රියැදුරා පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.

කෙසේ වෙතත්, හැටන් පොලීසිය අනතුරට ලක්වූ බස් රථයේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ දත්ත ගබඩාව පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ අනතුරින් ටික වේලාවකට පසු කිසියම් පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකථනය හරහා අදාළ සී.සී.ටී.වී. දර්ශන මකා දමා ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ හැටන් පොලීසියෙන් සිදු වෙනවා.

Source : Hiru News

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *