Fri. Dec 27th, 2024

තම මෑණියන් තම ගමේ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීම ජනාධිපතිතුමාගේ ආදර්ශවත් ක්‍රියාවක්.!

ජනාධිපතිවරයාගේ මෑණියන් රජයේ රෝහලක ප්‍රතිකාර ගැනීම අරුම පුදුම සිදුවීමක් බවත් එය අප බලාපොරොත්තු වුණ සිස්ටම් චේන්ජ් එක බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරදී.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ජනාධිපති අනුර දිසානායක මහතාගේ මවගේ සුවදුක් බැලීමට ගොස් රෝහල අසලදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“අද අප මෙහි ආවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ 18 වන වාට්ටුවේ සිටින ලෙඩෙක්ට ආශිර්වාද කරන්නයි.ඒ ලෙඩා වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑණියන්.අත්තංගනේ රතනපාල නාහිමියන් ඇතුළු අප ගොස් එතුමියට සෙත් ප්‍රාර්ථනා කළා.

රටේ ජනාධිපතිවරයාගේ මෑණියන් සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක් ලෙස හැඳින්විය හැකියි. අප බලාපොරොත්තු වන “සිස්ටම් චේන්ජ්” එක මෙයයි.

තම මෑණියන් තම ගමේ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදීම ජනාධිපති තුමාගේ ආදර්ශවත් ක්‍රියාවක් බව කිව යුතුයි.

මීට පෙර ප්‍රධාන දේශපාලනඥයන්ගේ ඥාතීන් ප්‍රතිකාර ගත්තේ කොළඹ ප්‍රධාන රෝහලක හෝ පිටරටයි.මෙය අප රටේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසය ඇති කිරීමක් ලෙසද සැලකිය හැකියි.පසුගිය රජයන් වල අය කටයුතු කළේ සෞඛ්‍ය සේවයේ විශ්වාසය බිඳ වැටෙන අයුරින්. ජනපති දෙන මේ ආදර්ශය මැති ඇමතිවරුන් මෙන්ම ඇති හැකි සියලු දෙනා විසින් ලබාගත යුතුයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *